IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


විදුහල්පති පුරප්පාඩු ගැන ගුරු සංගමයෙන් චෝදනාවක්

(බිඟුන් මේනක ගමගේ) 
 
ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභා සාමාජිකයන් අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇතැයි ද එය තනිකරම නීතිවිරෝධී මෙන්ම සදාචාරවිරෝධී ක්‍රියාවක් යැයි ද ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.
 
පුරප්පාඩු පිරවීම සඳහා අයැදුම්පත් කැඳවීම අධ්‍යාපන අමාත්‍යංශය නිසායාකාරව නොකිරීම නිසා නැවත අයැදුම්පත් කැඳවීමට සිදුවීමෙන් මෙම අර්බුදය උද්ගතව ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ. 
 
ඒ අනුව සිදුවිය යුත්තේ කොමිෂන් සභාව ලබාදී ඇති නිර්දේශ පදනම් කරගෙන කඩිනමින් අයැදුම්පත් කැඳවා මැතිවරණ කැඳවීමට පෙර පුරප්පාඩු පිරවීම වුවත් එය සිදු නොකොට අග්‍රාමාත්‍යවරයා තම කාර්යාලයට ස්වාධීන කොමිෂන් සභාවක නිලධාරින් කැඳවීම අනුමත කළ නොහැකි යැයි ද ලංකා ගුරු සංගමය පවසයි.
 
රාජකීය විදුහල ඇතුළු පුරප්පාඩු පවතින පාසල් සම්බන්ධයෙන් විවිධාකාර මත සමාජය තුළ මතුවෙමින් පවතින වාතාවරණයක රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ අනුව අයැදුම්පත් කැඳවන ලෙස ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ යැයි ද එහි සඳහන් වේ.
 
2012 දෙසැම්බර් 14 දින ජාතික පාසල් 105 කට ද 2015 අප්‍රේල් 01 දින ජාතික පාසල් 106 ක් සඳහා ද අයැදුම්පත් කැඳවා තිබුණ ද ඒ අනුව පත්වීම් ලබාදීම සිදු නොවුණි යැයි ද මෙවරත් එවැන්නක් සිදුවුවහොත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි බරපතල අර්බුදයකට එය හේතු වනු ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 


 



අදහස් (0)

විදුහල්පති පුරප්පාඩු ගැන ගුරු සංගමයෙන් චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

දියත

පියුමිගේ ගිණුම් 19 ක වාර්තා කැඳවන්න අධිකරණ නියෝගයක්
2024 ජුනි මස 19 41 0

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙ


නිදා සිටියදී අවදි කළැයි කොස්තාපල්ට වෙඩි තියන්න හදලා
2024 ජුනි මස 19 382 2

කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරී යෙදී සිටි නිලධාරියා නිදාගෙන සිටියදී අවදි කළ බව කියන සිද්ධියකට උරනව තවත් කොස්තාපල්වරයෙකුට පිස්තෝලයකින් වෙඩි තැබීම


වැස්ස වැඩිවෙයි
2024 ජුනි මස 19 238 0

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වවුනියාව පොළොව සෙලවෙයි
2024 ජුනි මස 19 326 0

වවුනියාව හා කැබිතිගොල්ලෑ අතර ප්‍රදේශයන් හි පොළවේ ඊයේ (18) ර‍ාත්‍රී 11.02 පමණ කාලයේ සුළු භූ කම්පන තත්වයක් අ‍ැතිවූ බවට ප්‍රදේශය වාසීහු පවසති.


‘ෆයිසර්’ එන්නතට වැඩ වරදින ලකුණු
2024 ජුනි මස 19 2266 1

අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සා


ගිංතොට ප්ලයිවුඩ් අධ්‍යක්ෂකට ලක්ෂ 75ක දඩයක්
2024 ජුනි මස 19 1103 0

බදු නොගෙවා පැහැර හැරියේ යැයි කියන ගිංතොට ප්ලයිවුඩ් සමාගමේ අධ්‍යක්ෂ යසසිරි කස්තුරි ආරච්චිට රුපියල් (7502688.82 ) ලක්ෂ 75ක දඩ නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1344 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3064 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2511 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site