IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘විදේශීය ඔත්තු සේවාවන්ට ලංකාවේ ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා’

(නිමල කොඩිතුවක්කු)
 
රට තුළ මතුව ඇති ව්‍යසනකාරී තත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ ක‍්‍රියාත්මක වෙමින් සිටියදී විදේශීය ඔත්තු සේවා නිලධාරීන්ට රට තුළ ක‍්‍රියාත්මක වීමට අවසර ලබා නොදෙන ලෙසට සහ තවත් යෝජනා කිහිපයක් සඳහන් කරමින්  ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

විදේශීය ඔත්තු සේවා වලට  රට තුළට පැමිණ මෙම ගැටලූව තවදුරටත් අවුල් කිරීමට ඉඩදීම බලවත් දේශපාලන වරදක් බවත් පෙන්වාදුන් වීරවංශ මහතා එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීම වැනි ක‍්‍රියාවක් බවත් සඳහන් කරයි.

ඔත්තු සේවා නිලධාරින් ප‍්‍රමුඛ ආරක්ෂක හමුදාවලට ස්වාධීනව තම රාජකාරී කිරීමට හැකි තත්වයක්  නිර්මාණය කිරීම සේනාධි නායකයා වශයෙන් ජනාධිපතිවරයාගේ වගකීම බවත් දේශපාලන බලපෑම් නිසා විමර්ශන වලට බාධා එල්ල වීම පිළිබඳව ප‍්‍රබල මහජන විරෝධයක්  ගොඩ නැගී ඇති බවත් ඔහු කියා සිටියේය.

මෙමම ත‍්‍රස්ත ක‍්‍රියාවලට සෘජුව සහ වක‍්‍රව උදව් කර ඇති බවට චෝදනා එල්ල වන පිරිස්  රජයේ ඇමැතිවරුන්ද, ආණ්ඩුකාරවරුන් ද එසේ නොමැති නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද යන්න සම්බන්ධයෙන් සැළකිල්ලට නොගෙන වහා අත්අඩංගුවට ගැනීම මහජනතාවගේ පිළිගැනීම බවද එම ලිපිය මගින් සඳහන් කර ඇත.

එමෙන්ම එක් ජනකොටසකට හෝ ආගමකට විශේෂිත පාසල් හෝ විශ්ව විද්‍යාල  පවත්වාගෙන  යාම බලවත් වරදක් බවත් පෙන්වා දුන් වීරවංශ මහතා එවනි පාසල් රජයට පවරා ගෙන විධිමත් අධීක්ෂණයක් යටතේ  ඒවා පවත්වා ගෙන යා යුතු බවටද යෝජනා කර ඇත.

එමෙන්ම ජනකොටස් අතර දීර්ඝකාලීනව ආගමික සංහිඳියාව පවත්වාගෙන යාම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද විමල් වීරවංශ මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.



අදහස් (0)

‘විදේශීය ඔත්තු සේවාවන්ට ලංකාවේ ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 192 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 397 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site