IMG-LOGO

විදුලි සෝපානය කඩා වැටී තරුණියක් මරුට

(ඉන්දිකා රාමනායක සහ චමිල් රූපසිංහ)

පිළිමතළාව ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක විදුලි සෝපානය කඩා වැටිමෙන්  තරුණියක මිය ගොස් තවත් තරුණියක තුවාල ලැබ ඇති බව කඩුගන්නාව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ බලන දෙකිද පදිංචිකාරියක් වන අරේෂ ජයමාලි කුලරත්න (26) නැමති තරුණියකි.

ඉහළ මාලයේ සිට මෙම තරුණියන් දෙදෙනා භාණ්ඩ සමග මෙම විදුලි සෝපානයෙන් පහත මාලය දක්වා එන අතරතුර මෙම අනතුර සිදුවි  තිබේ.

එම ආයතනයේ පිරිස් හා අසල්වැසියන් එකතුව අනතුරට පත් තරුණියන් දෙදෙනා පේරාදෙණිය රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදි එක් තරුණියක් මියගොස් ඇති බවත් තුවාල ලත් අනික් තරුණිය විසින් මේ සම්බන්දව පොලිසියට කටඋත්තරයක්ද ලබා දුන් බව පොලිසිය පැවැසිය.

තුවාල ලත් තරුණිය මේ වන විට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ගන්නා බවද පොලිසිය පැවැසිය.

 

 



අදහස් (4)

විදුලි සෝපානය කඩා වැටී තරුණියක් මරුට

jayath Sunday, 19 December 2021 10:34 AM

මේක වැරැදි අර්ථ දැක්වීමක් වෙන්න පුළුවන්. මේක විදුලි සෝපානයක් නෙමෙයි කර්මාන්තශාලාවල භාණ්ඩ එහා මෙහා ගෙන යාමට භාවිතාකරන "භාණ්ඩ ගෙනයන සෝපානයක් " නැත්නම් ඉංග්‍රීසියෙන් මැටීරියල් හොයිස්ට් එකක්.. බොහෝ කර්මාන්ත ශාලාවල මේ වැරදි වැඩේ - එනම් මේකේ සේවකයන් ගෙනයාම කරනවා. මේ වගේ අවාසනාවන්ත දේවල් වෙන්නේ එතකොට... මොකද හුඟක් මේ වගේ ඒවායේ ආරක්ෂාව බිංදුවයි සෝපානයක් වගේ නෙමෙයි මේවා හරියට නඩත්තු වෙන්නෙත් නැහැ. කේබල් එක කඩලා ගියෝතින් කෙලින්ම බිමම තමයි හිතන්න... කිලෝ 60ක් විතර බර සාමාන්‍ය මනුස්සයෙක් කේබල් එක කැඩුණාම වැටෙන්නේ ගුරුත්වජ ත්වරණය යටතේ වැටුනේ මීටර 10ක් උඩකින් නම් අර මනුස්සයාට වෙන දේ හිතාගන්න 10 පන්තියේ ළමයෙකුටත් පුළුවන් (හරියට විද්‍යාව පාඩම් ඉගෙන ගන්න ළමයෙක් වෙන්නත් ඕනෑ !!!)

:       2       37

Sunil Sunday, 19 December 2021 10:52 AM

ආරක්ෂාව පිළිබඳව මේ ආයතන දක්වන්නේ අඩුම අඩු සැලකිල්ලක්.

:       1       24

Wimal Sunday, 19 December 2021 12:08 PM

කමෙන්ට්වලින් බණ කියන්න අය නම් බොහොමයි. හැබැයි එකෙක්වත් වගකිවයුතු අයට ඒ ගැන කියන්න ඉදිරිපත් වෙන්නේ නෑ..

:       16       7

Harsha Wednesday, 22 December 2021 12:39 PM

ඔය සෝපාන තියෙන්නේ භාණ්ඩ ප්‍රවාහනයට පමණයි. මිනිසුන්ට ගමන් කිරීම තහනම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 137 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site