IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


විදුලියට ඉන්ධන ගන්න මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (01) ගොනුකර ඇත.

විදුලිය ජනනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසත් අඛන්ඩව විදුලිය සැපයීම සහතික කිරිම සදහා ඉන්ධන සැපැයීමට බලධාරින්ට උපදෙස් ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

නිතීඥ ජී. ජී. අරුල් ප්‍රගාසම් මහතා මගින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, මුදල් මණ්ඩලය, මහ බැංකු අධිපති, විදුලි  බල මණ්ඩලය සහ රාජ්‍ය ආයතවල නිලධාරීන් කිහිප දෙනෙක් නම්කරනු ලැබ ඇත.

විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට මුදල් අමාත්‍යවරයාට, භාණ්ඩාගාර ලේකම්වරයාට සහ ආණ්ඩුකාරවරයාට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

විදුලියට ඉන්ධන ගන්න මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 68 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15592 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 533 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site