IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෛද්‍ය සභාවට අභියෝග කළ පෙත්සම 6 දා කැඳවයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
අභියාචනාධිකරණයේ නියෝගය පරිදි තමන්ව ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා කරමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන 6  වැනි දා කරුණු සළකා බැලීම සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක වන දිල්මි සූරියාරච්චි සිසුවිය විසින් ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම පිළිබඳ කරුණු සළකා බැලීම ලබන මස 6 වැනිදා සිදු කරන බවයි.
මෙම පෙත්සමට අදාළව මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වගඋත්තරකාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් මීට පෙර අභියාචනා අධිකරණයට දැනුම් දී තිබිණි.

පෙත්සම්කාර වෛද්‍ය උපාධිධාරීනි සිසුවිය සඳහන් කර සිටින්නේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් තමන්ව ලියාපදිංචි කරන මෙන්  අභියාචනාධිකරණය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කළ බවයි.

එම නියෝගයට අනුව කටයුතු කරමින් තමන්ට මේ දක්වා ලියාපදිංචි කිරීමට වෛද්‍ය සභාව පියවර ගෙන නොමැති බව පෙත්සම්කාර උපාධිධාරිණිය චෝදනා කර සිටියි.

මේ තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද ඇය තම පෙත්සමෙන් ඉල්ලා තිබේ.
 



අදහස් (0)

වෛද්‍ය සභාවට අභියෝග කළ පෙත්සම 6 දා කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 29 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site