රංජන් කස්තුරි
පාසල් විද්‍යා විෂය මාලාව ඉදිරියේ දී වෙනස් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
නුතන ලෝකයට ගැලපෙන නව දැනුම සහ කුසලතා වර්ධනය වන අයුරින් විෂය මාලා සංශෝධනය කිරිමේ පියවරක් ලෙස විද්‍යා විෂය මාලාව සංශෝධනය කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට වැඩි ඉඩක් සලසමින්, ව්‍යාපෘති පාදකව වඩාත් ප්‍රායෝගික මුහුණුවරකින් විද්‍යා විෂය මාලාව සංශෝධනය කරන බවද එම අමාත්‍යාංශය පවසයි.
COMMENTS
ඔය ලොක්කෝ ටික අධ්‍යාපනය අනලා තියන තරමට ටියුෂන් (අමතර පන්ති) නැතිව අධ්‍යාපනයක් නැහැ. තව තවත් අනන්නයි හදන්නේ...
මෙයාලට මේ සේරම මතක් වෙන්නේ ආණ්ඩුව පෙරලෙන්න යනකොට. ඇයි ටැබ් ලෝකයේ නේ හිටියේ පොළවේ අඩිය ගහල හිටියේ නැහැ. අධයාපනය විනාශ කළා. කරුණාකරලා ඊළග ආණඩුවට ඕව බාර දීල ගෙදර යන්න අකිල මහත්මයා. අමාත්‍යාංශෙ ඉන්න දක්ෂ නිලධාරින්, පාසල්වල හිටපු දක්ෂ විදුහල්පතිවරුන් ඔක්කොම නන්නත්තාර කළා.