( +++ සුජිත් හේවාජූලිගේ)
මහ මැතිවරණයේදී විද්‍යුත් මාධ්‍ය අනුගමනය කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සියලුම විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීහු සහ විධායක නිලධාරීහු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් එම කොමිෂන් සභාවට අද (4) කැඳවනු ලැබ සිටිති.
මැතිවණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම කොමිෂන් සභා ශ්‍රවනාගාරයේදී අද පෙරවරු 11.00 සිට 12.00 දක්වා මෙම රැස්වීම පැවැත්වෙන බව එහි අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) චන්න පී.ද සිල්වා මහතා ‘ලංකාදීප‘යට ඊයේ පැවසීය.
විද්‍යුක් මාධ්‍ය වෙත හඳුන්වා දී ඇති මාධ්‍ය උපමාන හා මහ මැතිවරණයේදී විද්‍යුත් මාධ්‍ය භාවිතය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරිමට නියමිතව ඇතැයි ද අධ්‍යක්ෂකවරයා කීය.
මේ සාකච්ඡාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ද මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීහු ද සහභාගි වෙති.
මේ අතර ඉදිරි මැතිවරණ කටයුතු ගැන සාකච්ඡා කිරීමට සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීහු ද සහකාර හා නියෝජ්‍ය කොමසාරිස්වරු ද හෙට (5) උදේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවනු ලැබ සිටිති.
ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම, ජන්ද මධ්‍යස්ථානවලට ආරක්ෂාව සැලසීම, නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම, පක්ෂ කාර්යාල පිහිටුවීම, ඡන්ද රාජකාරී සඳහා නිලධාරීන් යෙදවීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් මෙහීදී සාකච්ඡා කිරීමට නියමිතය.
මහ මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙන අතර මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම මෙම මස 12 වැනිදා සිට 19 වැනිදා දක්වා සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීහු අද මැ.කෝ හමුවට
Wasudewa Wednesday, 04 March 2020 06:26 AM
අප්පෝ ඡන්දෙ කාලෙට TV නම් බලන්නම බැරි වෙයි. ගිය ඡන්දෙදී අපි දැක්කා... මොන තරම් කඩේ ගියාද? අප්පිරියාවේ බැහැ.