IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වතුරත් කපන්න වෙයි වගේලු

(ජයන්ත සමරකෝන්)

 
දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ජල සැපයුමට බාධා සිදුවිය හැකි බවට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනතුරු අඟවයි.
 
මෙම අයහපත් කාලගුණික තත්ත්වය පානීය ජලසැපයුමට තදින් බලපා ඇතැයිද මණ්ඩලය පවසයි.
 
මෙම තත්ත්වය මත ජලය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
 
මණ්ඩලයට අයත් සියලු ජල මූලාශ්‍රවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවද එම මණ්ඩලය සඳහන් කරයි.
 
මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ. අන්සාර් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියාසිටියේ ජලය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණයට කිරීම ජල පාරිභෝගිකයන්ගේ යුතුකම හා වගකීම බවය.
 
මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී මුහුණදීමට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කනගාටුව පළ කරන බවද ඒ මහතා පවසයි.



අදහස් (4)

වතුරත් කපන්න වෙයි වගේලු

දිමුත් Tuesday, 02 April 2019 01:40 PM

රට වටේ මුහුදෙ වතුර පෙරලා ගන්න බැරි හැටි. මැදපෙරදිග රටවල්වල එහෙමයි ජලය සපයා ගන්නේ

:       0       2

Thilina Tuesday, 02 April 2019 03:22 PM

පුලුවන් තරම් ගස් වැල් ටික කපලා පුලුවන් තරම් Hybrid / Electric වාහන වලට බදු ගහලා දුම පිරුනු වාහන තව තවත් රටේ පුරවලා ගහ කොලකටවත් දරා ගන්න බැරි විදියට රටේ වායු ගෝලය විනාස කරලා ස්වභාවික ජල උල්පත් ටික හිදිලා යනකන් පුලුවන් තරම් මේ මව් බිම කාලා විනාස කරලා දාන්න! මොකද පාර්ලිමේන්තුවෙ ඉන්න අය මේ රටට කරන විනාසෙට ආයි ඉපදෙන ආත්මයක් ගානේ මනුස්ස ජීවිතයක් නම් ලැබෙන්නෑ..

:       0       16

රණ් බණ්ඩා Tuesday, 02 April 2019 03:25 PM

ගිය සිකුරාදා ඉඳන් අද වෙනකන් වතුර නැහැ. ඊයේ සහ අද පාන්දර විතරයි වතුර දුන්නේ. බදු ගෙවන සාමාන්‍ය මිනිහට අත්‍යවශ්‍යය පහසුකම්වත් ලැබෙන්නැති කාලයක් උදාවෙලා තියෙන්නේ.

:       0       10

mahinda Tuesday, 02 April 2019 04:58 PM

කළුවරේ හිටයා මදිවට දැන් වැසිකිලියට යන්ටත් නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 119 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site