(ශාන්ත චන්ද්‍රසිරි)
වතුකරයේ වතු කම්කරුවන්ගේ වැටුප් ගැටළුව කඩිනමින් විසඳන ලෙස ඉල්ලා කොටගල ගුරු විදුහලේ ගුරු සිසුහු අද (26) කොටගල නගරයේදී විරෝධතාවයක නිරතවුහ.
පෝස්ටර් හා කලු කොඩි ප්‍රදර්ශනය කරමින් ගුරු සිසුහු විශාල පිරිසක් නුවරඑළිය- හැටන් මාර්ගයේ කොටගල, ගුරු විදුහල අසලදී මෙම විරෝධතාවයේ නිරතව සිටියහ.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප දහසක් දක්වා වැඩි කිරීම සාධාරණ බවත් එබැවින් රජය හා වතු සමාගම් එක්ව වතු කම්කරුවන්ට සාධාරණයක් කිරීමට පියවර ගතයුතුව ඇතැයි විරෝධතාවයේ නිරත ගුරු සිසුන් මෙහෙදී පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙම තමයි සහයෝගය දෙන්න ඕන කරන්නේ. මෙන්න ඔවුනට මගේ උපහාරය.