(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ යසන්ත ආරියසේන)
වෑන් රථයකින් හා යතුරු පැදියකින් පැමිණී නාදුනන පුද්ගලයින් පිරිසක් අද (04) හක්මන කැඹිලියපොල ප්‍රදේශයේ දී හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා , පිහියකින් ගෙල කපා ඝාතනය කර ඇති බව හක්මන පොලීසිය පවසයි.
ඉඩම් ගණුදෙනුවක් ගැන කතා කිරීමට ගොස් සිටි අවස්ථාවේදී එසේ ඝාතනයට ලක්ව තිබුණේ හක්මන නරවැල්පිට උතුර අඹගහවත්තේ පදිංචිව සිටි ලොකු හකුරුගේ ශාන්ත නොහොත් මැණික් ශාන්ත (53) නැමැති ව්‍යාපාරිකයෙකි.
ඔහු හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි.
ඔහු ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු හා තවත් දෙදෙනෙකු සමඟ හක්මන කැඹිලියපොල ප්‍රදේශයට ගොස් අදාල ඉඩම විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අතරතුර වෑන් රථයකින් හා යතුරුපැදියකින් පැමිණී බව කියන නාදුනන පුද්ගලයින් පිරිසක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පිහියකින් ගෙල කපා ඝාතනය කර තිබෙන බව කියති.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වෙඩි තැබීමකින් හක්මන පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මරුට
sirimal Sunday, 04 November 2018 01:40 PM
මෙම ඉතාම අවාසනාවන්ත සිද්ධිය මේ ජරාජීර්ණ දේශපාලනය සඳහා පාවිච්චි කරන්න නම් එපා...
Rata Perata Sunday, 04 November 2018 01:40 PM
රාජපක්ෂට ජය වේවා...!!!
shan saudi Sunday, 04 November 2018 02:21 PM
ඒත් රටටවත්, ජනතාවටවත් කරන කිසිම සේවයක් නැහැ. මහජන මුදල් කොල්ල කන එක තමා කරන්නේ... 225 ටම කරන්න කෙනෙක් නැහැනේ ලංකාවේ..
rocky Monday, 05 November 2018 02:56 AM
මහ ජනයාගෙන් කොල්ල කන එක තමයි රටට ජනතාවට කරන සේවය කියන්නේ. ඒ උතුම් සේවයට තමයි අපි උන්නැහේලට ඡන්දෙ දෙන්නේ. ඒකට කැමති නැත් නම් අයසෞදි අරාබියේම හිටපන්!
jayath Monday, 05 November 2018 03:19 AM
මෙන්න අපේ ජනතා නියෝජිතයෝ 99% ක් ම මුන් දූෂතයෝ. මේකේ අරුමය තියෙන්නේ මේ අයව තෝරලා යවන්න්නෙත් මාලදිවයිනේ වත් ඉන්දියවෙවත් ජනතාව නෙමෙයි අපේම බත් කන හරක් ! මේ රටට විනාශවෙලා තියෙන්නේ ඕක හින්ද !
DhammikaMonday, 05 November 2018 07:19 AM
සහතික ඇත්ත දේශපාලුවන්ට බැනල වැඩක් නැහැ... මේ අය පත්කරන්නේ අපිනේ..... හරි බුද්ධිමතා කියයි, ගමේ පාරට කොන්ක්‍රීට් දැම්ම කියයි , ටකරන් දුන්න , වැසිකිලියක් හදල දුන්න කියයි , මෙහෙම කියා කියා පට්ටදූෂිතයෝ පත්කරගන්නවා