(යොහාන් භාසුර)
රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳසැල් හිමියන් පනවන රුපියල් 2500 ක දඩය රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දඩ මුදල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරී පනතේ වගන්තිය කඩිනමින් සංශෝධනය කරන බවත් එම සංශෝධන ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වැඩිමිලට හාල් අලෙවි කළොත් 100,000ක දඩයක්
ලලිත් එම් Wednesday, 21 July 2021 05:26 PM
නිකමුන්ගේ විහිළු බරපතල කියමන් විදිහට සලකන්න එපා.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 21 July 2021 05:34 PM
තෙල් මිල අඩුයි, බදු බර අඩුයි.ඒ නිසා ප්‍රවාහන ගාස්තුව බොහෝ අඩුයි.හාල් මොල් කාරයන්ගේ ඉහළම අය රජයේ පැත්තේ අයගේ නෑයන්.ඒ අය වැඩි ගාණක් තියාගන්නේ නැතිව බොහෝ අඩු මිලට හාල් වෙළඳ පොළට දානවා.ඒ දේවල් එසේ නම්, ඇයි මේ වෙළෙන්දන්ට ඇමැතිතුමා කියන මිලට හාල් දෙන්නට බැරි. අම්මපා ... මේ වෙළෙන්දන්ට දඩ ගහන්නමයි තියෙන්නේ.
Anura Wednesday, 21 July 2021 06:28 PM
අනේ හැබෑට නොවෙන දේවල් නොකියා ඉන්නම බැරිද
nimal Wednesday, 21 July 2021 07:12 PM
හාල් පොල්ල ළඟ එනවා
pradeepa Wednesday, 21 July 2021 07:45 PM
අපේ සර්ගේ නම රන් අකුරින් ඉතිහාසයේ ලියැවෙනවා. මොකද බුදුන් පිරිනිවන් පෑවට පස්සේ හාල් මිල රුපියල් 210-220 දක්වා ගියේ අපේ සර් ඇමැති කරපු කාලේ කියලා...
gampila Wednesday, 21 July 2021 08:23 PM
ඔය පුරසාරම්වලින් ජනතාවගේ බඩ වියත පිරෙන්නේ නැහැනේ...
Roshan Thursday, 22 July 2021 01:36 AM
මේ බූරැවා පාරිභෝගික අධිකාරියේ ලොක්කා එක්ක ඩඩ්ලි ගාවට ගිහින් බලු කුක්කො වගේ ඉදලා ඇවිත් නිකං බොරුවට මාධ්‍ය ප්‍රකාශක කරලා වීරයෝ වෙන්න හදනවා. නිපුන අරලිය නව් රත්න හංසන මේනක හිරු ගැමිරස ඔන්න ඔය හාල් මෝල් වලින් දෙන බිල් මම දෙන්නම් කොන්ද පණ තියෙනවානම් බයිලා නොගහා උන්ට විරැද්ධව නඩු දාන්න. උන් හරි මිලට හාල් දෙනවානම් අඩුවට විකුණන්න පුළුවන්. ඔය මම සදහන් කරපු හාල් මෝල් වලින් එවන හාල් ගෝනිවල රජයේ පාලන මිල හරියට ගහලා තියෙනවා. නමුත් එයාලා බිලේ සදහන් කරලා තියෙන්නේ පාලන මිලට වඩා රුපියලක් අඩුවෙන්. printed බිලත් එක්ක අතින් ලියපු බිලක් වෙනම එවනවා. උදාහරණ:- නාඩු සහල් පාලන මිල රුපියල් 96/= ගෝනියෙත් ඒ ගානම සදහන් කරලා තියෙනවා. පරිගණක ගත බිලේ 95/= ගානේ ගනන් හදලා තියෙනවා වෙනම කොලේක අතින් ගන්න නාඩු කිලෝ ගානට රුපියල් 22/= ගානේ ගනන් හදලා ප්‍රවාහන කුලිය කියලා එවනවා. අපි සල්ලි දෙනකොට පරිගණක ගත බිලේ මුදල් වෙනම අතින් ලියන එකේ මුදල් වෙනම දෙන්න ඕන කොහොම නමුත් අන්තිමට නාඩු කිලෝ එකක් රුපියල් 115/=ට තමයි අන්තිමට කඩ වලට ලැබෙන්නේ.
Roshan Thursday, 22 July 2021 01:48 AM
මම මේ පිලිබදව පාරිභෝගික අධිකාරියට සිය පාරකට වැඩිය පැමිණිලි කරා. බැරිම තැන ජනාධිපති කාර්යාලය මහජන පැමිණිලි ඒකකයටත් ඒ වගේම වාර ගනනක් පැමිණිලි කරා. අන්තිමට පාරිභෝගික අධිකාරිය මගේ දුරකථනයට ප්‍රතිචාර දක්වන්නේ නැතුව හිටිය. මම ආපහු ජනාධිපති කාර්යාලයට පැමිණිලි කරාම පාරිභෝගික අධිකාරියේ සභාපති වරයගේ ජංගම දුරකථන අංකය දුන්නා කථා කරන්න කියල. මම ඔහුට කථා කරාම ඔහු කරේ මගේ පැමිණිල්ල ගන්නවා වෙනුවට මුලින්ම ඔහුගේ දුරකථන අංකය දුන්නේ කව්ද කොහෙන්ද කියල මගෙන් ප්‍රශ්න කරපු එක. ඊට පස්සේ මගෙ පැමිණිල්ල ඇහුවා. මම කිව්ව මගේ බිල් දෙන්න මම සූදානම් ඕන උනොත් කියන්නම් කියල තිබ්බා තිබ්බාමයි දවස් කීපයකට පස්සේ දැක්ක මාධ්‍ය හමුවක් තියලා හාල් මෝල් හිමියන්ට විරැද්ධව සිංහයා වගේ ගොරවනවා. ඊටත් ටික දවසකට පස්සේ දැක්ක ඩඩ්ලි සිරිසේන ගාව බන්දුල ගුණවර්ධන සහ පාරිභෝගික අධිකාරිය සභාපති බලු කුක්කෝ වගේ ඉන්නවා. ඕක තමයි ඇත්ත මුන් සේරට ඩබල් ගේම් කාරයෝ. මුන්ට ජන්දය දුන්න අපි බූරැවො
Nihal Thursday, 22 July 2021 05:13 AM
මේ අනිත් පුස් වෙඩිල්ල...!!!
පප්ප Thursday, 22 July 2021 05:59 AM
මේ යෝධයා කියන ඒවා බල්ලොවත් ගනන් ගන්නෙ නැහැ. ඒ තරමට අප්පිරි යයි
rocky Thursday, 22 July 2021 06:29 AM
වැඩි මිලට කියන්නේ කීයෙන් ඉහලද ?මේ සැරේ මිල නියම කරන්නේ ආණ්ඩුවෙන් නම් .ඒකත් මුදලාලිට ඕන විදිහට කෙරෙයි නේ .බොරු සෝබන දාන්න එපා මහත්තයෝ
ලලිත් එම් Thursday, 22 July 2021 07:22 AM
පුස්වෙඩි රජානෝ.