IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


’’වෙඩින්’’ තහනම්: එක්රැස් වීමටත් ඉඩක් නෑ

(සුජිත් හේවාජුලිගේ )

නිවෙස්වල හෝ උත්සව ශාලාවල හෝ විවාහ මංගල්‍යය උත්සව පැවැත්වීමට හෙට (17)මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු අවසර නොලැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එසේම ජනතාව ඒකරාශි වන කිසිදු අවස්ථාවකට අද මධ්‍යම රාත්‍රියෙන් පසු අවසර නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙසය.

අවන්හලක වරකට රැඳී සිටිය හැක්කේ එහි රැඳී සිටිය හැකි මුළු සංඛ්‍යාවෙන් සියයට 50ක් පමණකැයිද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි .

ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයිද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

 



අදහස් (12)

’’වෙඩින්’’ තහනම්: එක්රැස් වීමටත් ඉඩක් නෑ

1984 Sunday, 15 August 2021 06:32 PM

17 වෙනිදා වෙනකම් ඉවසන වෛරසයක්නේ බොල කොරොනා කියන්නේ...!!! 

:       0       24

පිටිගල මිලානෝ Sunday, 15 August 2021 06:33 PM

වෙඩින් තහනම් කළේ නැත්නම් ජෝඩුවගේ ෆියුනරල් එකත් ඒ සමගම ලෑස්ති කරන්න වෙයි...

:       3       19

Jit Sunday, 15 August 2021 06:34 PM

චූඩා මාණික්‍යය වගේ දේවල් වන්දනා කරගන්න... පෙරහැරවල් වලට සහභාගි වෙන්න රටපුරාම තැනින් තැන සැදැහැවතුන් එක් රැස් වුණාට අවුලක් නැද්ද අපේ මහත්තයෝ? ඒවා ඉතින් මේ වෙලාවේ නැතුවම බැරි දේවල්නේ... ඒකයි ඇහුවේ..

:       1       27

JCN Sunday, 15 August 2021 06:51 PM

අද රෑම නවත්තන්න බැරි මොකෝ?

:       3       14

Malika Sunday, 15 August 2021 07:58 PM

17 වෙනිදාට පෙර ප්‍රභූ වෙඩිං එකක් තියනවා... ඒක ඉවර වුණාමයි තහනම ක්‍රියාත්මක වෙන්නේ....

:       1       21

සිසිර Sunday, 15 August 2021 08:20 PM

සියලු සහභාගීත්වය 25 ට අඩුකර ලියාපදිංචිය, කැඳවා ගෙනයාම, සිදුකර විවාහ ජීවිත ඇරඹීමට අවසර දීම සුදුසුයි.

:       0       12

siri Sunday, 15 August 2021 08:55 PM

මේ උන්නැහේලා වසංගතය පාලනය කරන්න වැඩ කරගෙන යන ආකාරය ගැන හිතන කොට මඟුල් උත්සව වලට මනාල ජෝඩුව සහභාගි වෙන එකත් තහනම් කරලා ගැසට් එකක් ගැහුවොත් පුදුම වෙන්න එපා...

:       1       10

Raveendra Sunday, 15 August 2021 10:50 PM

කූරගල වඳින්න ගියාට කමක් නැද්ද සර්?

:       0       1

chandima Sunday, 15 August 2021 11:55 PM

හඳපානේ පඳුරටත් නොකියා පැනලා ගිය උනුත් ඔය අස්සේ අපුරුවට පවුල් කන්නේ ?

:       0       0

දාස Monday, 16 August 2021 07:06 AM

මේ මිනිස්සු කටයුතු කරන විදිහ දිහා බලපුවම අපට දුක හිතෙනව අපිම ගැන ,මෙවැනි බුද්ධි මට්ටමෙන් අවම මිනිසුන් අපේ පාලකයන් වශයෙන් තෝරා ගැනීම ගැන.

:       0       1

ගමරාළ Monday, 16 August 2021 07:15 AM

නිවසේත් උත්සව ශාලාවේත් බැරිනිසා අවන්හලක මංගල උත්සවේ ගත්තට වැරැද්දක් නැතිද.

:       0       2

Bamunuarachchi Monday, 16 August 2021 12:03 PM

වෙඩින් ගත්තත් කමක් නැහැ. සියලු දේම මීටරයක් දුරින්. ඒක මතක තියා ගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site