
(සිතුම් චතුරංග)
වවුනියාව, කුරුඳුපිටිය ප්‍රදේශයේ වගා ළිඳක මාස ගණනාවක සිට සිරවී සිටි කිඹුල් මවක හා පැටවුන් 12 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ආරක්ෂිත ප්‍රදේශයකට නිදහස් කිරීමට කුරුදුපිටිය ප්‍රදේශයේ තරුණයෝ පිරිසක් සමත්වූහ.
මාස ගණනාවක සිට කිඹුලකු හා පැටවුන් කිහිපදෙනකු ළිඳක් තුළ සිරවී සිටින බවට නිරීක්ෂණය වීමෙන් පසුව තරුණයින් පිරිස බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් කිඹුලා සහ පැටවුන් ගොඩට ගෙන නිදහස් කර තිබේ.
ප්‍රදේශවාසීන් පැවසූවේ අසළ වැවක සිටි කිඹුල් මව ආහාර සොයා ගමන් කිරීමේදී අනාරක්ෂිත ළිඳට වැටී ඇති බවත් මාස ගණනක් ළිඳ තුළ සිරව සිටීමෙන් එහිදී බිත්තර දැමීමෙන් පසුව පැටවුන් බිහිව ඇති බවයි.
කිඹුල් මව අඩි අටක් පමණ දිග හැළ කිඹුල් විශේෂයට අයත් වේ. ළිඳ තුළින් ගොඩ ගත් කිඹුල් පැටවුන් ප්‍රදේශයේ ජල පෝෂක ස්ථානයක් වෙත මුදා හැරීමට කටයුතු කෙරිණි.



COMMENTS
සතුට දනවන පුවතකි. මෙම උදාර කර්තව්‍යයට මූලික වූ එම තරුණ පිරිසට මගේ ප්‍රණාමය හා සුභාසිංසනය...!!!. පරිසරය ගැන, වන සතුන් ගැන සංවේදී වන තරුණ පිරිස් බිහිවීම අතිශයින් ප්‍රීතියට කරුණක්... අනෙකුත් අයටත් මෙය ආදර්ශයක් වේවා!