IMG-LOGO

වගා ළිඳකට වැටී පාසල් සිසුවා මරුට

(රංජිත් රාජපක්ෂ)

අනාරක්ෂිත වගා ළිදකට වැටි පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායේ පදිංචි බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි භාරත් දර්ශන් නැමති (18) හැවිරිදි පාසල් සිසුවෙකි.

බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසල් ක්‍රිඩාංගණයේ (13) දින පැවති ක්‍රිකට් තරගාවලියක් නැරඹිමට යන බව දෙමව්පියන්ට පවසා ඇති මිය ගිය සිසුවා නිවසට නොපැමිණි නිසා මව්පියන් සිසුවා සොයා ඇත.

ක්‍රිකට් තරගාවලිය නැරඹිමට භාරත් දර්ශන් නොපැමිණි බවට ඔහුගේ මිතුරන් විසින් දෙමව්පියන් වෙත දැනුම් දිමෙන් පසු නිවස අවට දරුවා සොයා සිදු කළ මෙහෙයුමකදි නිවසට ආසන්නයේ පිහිටි භාවිතයට නොගන්නා අඩි 6 ½ පමණ ගැඹුරකින් යුත් වගා ළිදක හිස පහලට පාදයන් ඉහලට සිටින සේ සිරුර දැක තිබේ.

සිද්ධිය පිළිබඳව බගවන්තලාව පරීක්ෂණ පොලීසිය පරීක්ෂණ පවත්වයි



අදහස් (1)

වගා ළිඳකට වැටී පාසල් සිසුවා මරුට

Bunny Preena Monday, 14 March 2022 02:11 PM

ඔලුව පහළට හිටින්න සහ කකුල් දෙක උඩ තියෙන්න මලසිරුර හමුබ වුණා කියන්නේ සැකයකට තුඩු දෙන මරණයක් ... කවුරු හරි දරුවව උස්සලා විසිකළාවත්ද? ඔලුව මැද හිරවෙන විදිහට...මිනීමරුවෙක් වත්ද? පව්, තරුණ ජීවිතයක්.. ඔහුට නිවන් සුව පතමි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1397 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 516 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site