(කුෂාන් ජයවර්ධන)
කැකිරාව කලාගම 8 ඇල ප‍්‍රදේශයේ අනාරක්ෂිත වගාළිඳක වැටී සිටි මාස 3ක පමණ වන අලි පැටවකු ගොඩ ගැනීමේ මෙහෙයුමක ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ නිලධාරිහු අද (9) නිරතවූහ.
මව්කෙනෙර ද එම පැටවා වැටී සිටි ළිඳ අසළ රැදී සිටිමින් කළහකාරි ලෙස හැසිරීම නිසා එම මෙහෙයුම දැඩි අවදානම් සහිත විය.
කලාවැව ජාතික උද්‍යානය ආවරණය වන අයුරින් ඒ වටා ඉදිකර ඇති විදුලිවැට කලාගම ප‍්‍රදේශයේ දී බිඳ දමා කලාවැව ජාතික උද්‍යානයේ සිටින වල්අලිරංචුවක් ආහාර සොයා ගම්වැදී තිබේ.
එලෙස ගම් වැදුණු අලි රංචුවේ සිටි වයස මාස තුනක් වන අලිපැටවා මෙලෙස වගා ළිඳට වැටී ඇති බව වනජීවී නිලධරයෝ පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වලවල් කපල අපිව අමාරුවේ දමපු අය අපිට වෙඩිත් පත්තු කරනවා අපේම ආණ්ඩුව අපේ ෆොටෝ ගහගෙන ඡන්දෙ ඉල්ලනවා අපිට ඡන්දෙ නැහැ තිබුන නම් බලාගන්න තිබුන මිනිස්සු මස් මාලු කන හින්ද කන්නාඩි දානවා දුර පෙනෙන්නේ නැහැ.