IMG-LOGO

විග්නේෂ්වරන් දෙමළ සන්ධානයෙන් ඉවත්වෙයි


 
 
රොමේෂ් මධුෂංඛ
 
උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත බාරදී තිබේ.


මේ අනුව සී.වී.විග්නේස්වරන් මහතා තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ නිල සාමාජිකයකු නොවන අතර මෙම ඉවත්වීමේ ලිපිය යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට බාර දීමෙන් පසුව පැයක පමණ කාලයක් දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවතිණි.


එහිදී සී.වී.විග්නේශවරන් මහතා පවසා ඇත්තේ තමන් විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.පක්ෂය ඔස්සේ ඉදිරියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන බවත් තමන් කිසි විටකත් උතුරු පළාතේ දේශපාලන කටයුතු වලින් බැහැර නොවන බවත් මෙහිදී පවසා තිබේ.


එමෙන්ම රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළ අවස්ථාවේදී විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මහතාට පවසා ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ දෙමළ ජාතික සන්ධානය ගනුදෙනු කිරීමේදී මීට වඩා පරෙස්ස්සම් විය යුතු බවයි.


පසුව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා එම අවස්ථාවේදී විග්නේස්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමනට සුබ පතා ඇත.
             



අදහස් (5)

විග්නේෂ්වරන් දෙමළ සන්ධානයෙන් ඉවත්වෙයි

රවින් Thursday, 08 November 2018 09:57 AM

බලාගෙන ගියහම ඔක්කොම දේශපාලුවෝ එකයි...

:       0       0

Indika Thursday, 08 November 2018 10:02 AM

එතුමා කතා කරන්නේ හරියට වෙන රටක කෙනෙක් වගේ හිතාගෙන. දෙපැත්තම හොඳින් තියාගෙන උතුරේ මහජනතාවට වැඩක් කරගන්නේ ඩග්ලස් විතරයි.

:       0       0

Nuwan Thursday, 08 November 2018 11:45 AM

අපේ ලංකාවෙනුත් ඉවත් වෙලා යන්නකෝ අපු තමිල් නඩුවටම.

:       0       0

sanath Friday, 09 November 2018 06:25 AM

හිටියා කියලා රටට වැඩක් නැහැ

:       0       3

Bandula. Friday, 09 November 2018 07:07 AM

අනේ හිටියත් කාටවත් සතපහකට වැඩක් නැහැනේ.. නරකද දැන් විශ්‍රාම ගත්තොත්? තවත් ත්‍රස්තවාදයක් බිහි නොකර...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 123 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2247 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 694 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site