IMG-LOGO

විග්නේෂ්වරන්ගේ පෙත්සම ඉවත⁣ට

 
(තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
උතුරු පළාත් සභාවේ හිටපු ධීවර හා ප‍්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී.ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට තමන් ගත් තීරණය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය එරෙහිව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප‍්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දු කළේය.


මෙම අභියාචන පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම පෙත්සම ඉවත දමන ලදී.


ඉකුත් වසරේ උතුරු පළාත් සභාවේ ධීවර හා ප‍්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබූ අතර එම නිවේදනයට එරෙහිව පී. ඩෙනීෂ්වරන් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.


මෙහි වගඋත්තරකරු වශයෙන් උතුරු පළාත් සභාවේ හිටපු ධීවර හා ප‍්‍රවාහන අමාත්‍යවරයා , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.


පළාත් මහ ඇමැතිවරයකු ගත් තීරණයක් වළක්වාලීමට අභියාචනාධිකරණයට බලයක් නැති බවත් , එබැවින් එම අතුරු නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා හිටපු උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා මෙම අභියාචන පෙත්සම ගොනු කරන ලදී.



අදහස් (0)

විග්නේෂ්වරන්ගේ පෙත්සම ඉවත⁣ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 39 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2168 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 672 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site