(විනීතා එම් ගමගේ)
යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට හා රාජ්‍ය විගණනයේ විෂය පථයට විශාල හානියක් සිදුකර ඇති බැවින් රාජ්‍ය මූල්‍ය පාලනය ඉටුකිරීම පිළිබඳ යාන්ත්‍රණයට දැඩි හානියක් සිදුව ඇති බැවින් වහා එය නිවැරදි කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා විගණන පරික්ෂක සේවා සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

එමෙන්ම එම සංශෝධන මගින් මහජනතාවට රටේ සමස්ත මූල්‍ය පාලනය පිළිබඳ දැනගැනීමට ඇති ශුද්ධවූ අයිතිය ද අහිමිකර ඇතැයි එම සංගමය යවා ඇති ලිපියෙන් පෙන්වා දී ඇත.
ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාව මගින් විගණනයට භාජනය කිරීම සඳහා විණකාධිපතිවරයා වෙත පවරා තිබූ රාජ්‍ය අයවැයෙන් මුදල් වෙන්වන හා පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනයට යටත් වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ආ) ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කොමිෂන් සභා, ජනාධිපතිවරයාගේ ලේකම්වරයාගේ කාර්යාලය, අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයාගේ කාර්යාලය, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ කාර්යාල විෂය පථයෙන් ඉවත් කර තිබීම ද ගැටළු සහගත යැයි එහි සඳහන් වෙයි.
එමෙන්ම සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති කොටස් ප්‍රාග්ධනයෙන් 50% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සංස්ථාවන් හෝ පළාත් පාලන ආයතනයක් විසින් දරන සමාගම් ද විගණන විෂය පථයෙන් ඉවත්කර ඇතැයි ද රාජ්‍ය මූල්‍ය පාර්ලිමේන්තු පාලනයෙන් මුළුමනින් බැහැර වීමට මේ තත්ත්වයන් හේතු වන බව ද එම ලිපියේ සඳහන් වේ.
50% වැඩි කොටස් හිමිකමක් ඇති රාජ්‍ය සමාගම් පිළිබඳ විගණනය විගණකාධිපති විෂය පථයෙන් බැහැර කිරීම හේතුවෙන් සෞභාග්‍යයේ දැක්ම වැඩ පිළිවෙලෙහි ප්‍රතිපත්තිවලට අනුකූලව එකී සමාගම් ක්‍රියාත්මක වන්නේ දැයි බැලීමට හැකි යාන්ත්‍රණය බිඳ වැටෙන බව එම ලිපිය මගින් පෙන්වා දෙන අතර සමහර සමාගම් මේ යෝජනා ඉදිරිපත් වීමත් සමග රාජ්‍ය විගණන යාන්ත්‍රණයෙන් ඉවත් වීමට පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තා වී ඇතැයි ද සඳහන් කර ඇත.
මෙකී සංශෝධන මගින් විගණකාධිපතිවරයා රාජ්‍ය නිලධාරියෙක් බවට පත් කරමින් ඔහුගේ ස්වාධීනත්වයට බරපතල ලෙස හානිකර ඇති බවත් එහි පැවැසේ.
ශ්‍රී ලංකා විගණන සේවා පරික්‍ෂක සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් ජේ සී තිසේරා මහතාගේ අස්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා ඇති එම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, සියලු මැති ඇමැතිවරුන් මෙන්ම සිවිල් සංවිධාන හා මාධ්‍ය වෙත ද යවා ඇත.
COMMENTS
ගරු මහත්මයාණෙනි, ඔබතුමන්ලා දක්වන අදහස සත්‍ය බව තර්කයකින් තොරවම පිළිගන්න වෙනවා. නමුත් ඔබතුමන්ලා කියන දේවල් කලොත් ... ආණ්ඩුවේ මැති ඇමතිවරු කොහොමද නිදහසේ, බියෙන්, සැකෙන් තොරව රාජ්‍ය දේපොළ කොල්ල කන්නේ...? දැන් මේ පනත සම්මත වුණාට පස්සේ ...69 ලක්ෂයක් වන ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දයෙන් පත්වුණ " හොරුන්ට" බියෙන් සැකෙන් තොරව හොරාකන්න පුළුවනි. 69 ලක්ෂයක ගෝත්‍රික ජනතාවට අවශ්‍ය වුනේ දියවන්නාවේ භූත මාලිගාවට යවා රට නැත්තට නැතිකිරීමටයි. මිනීමරුවන්, හොරුන්, දුම්රියේ චේන් කඩන්නන්, කැලෑපාලුවන් විසින් හිතුමතේ පාලනය කරන රටක, නීතියක් නැති රටක.. මොන විගණන නිදහසක්ද...?
මේ රට හොර, තක්කඩි කල්ලියකට සින්නක්කර ලියලා දුන්නට පස්සේ ආයේ මොන විගණනද? කරන්න පුළුවන් වැඩක් ගැනද ඔය කතා කරන්නේ? අනික හොරු සමග එකතු වුණොත්නේ වාසි හා තනතුරු ගන්න පුළුවන්...
ඔයාලට නිදහසේ වැඩ කරන්න නොවේ දේශපාලකයින්ට නිදහසේ වැඩ කරන්න 2/3 දුන්නේ...
බලනකොට මේ ව්‍යවස්ථා සංශෝධනය ජේ.ආර්. වත් පරද්දලා. 78 ව්‍යවස්ථාව අදටත් ජනතාව ජේ.ආර්.ට සාප කරනවා. මේ 20 සම්මත වුණොත් අනාගතයේ අලි සබ්‍රිටත් ජනතාව සාපකරාවි.
අයියෝ රටට ගිය කලක්... මිනිස්සු ඉවරයි...
තව ටිකකලකින් මේ ව්‍යවස්ථා සංශෝධනය අලි සබ්‍රි විසින් කරපු එකක් කියලා ඔහුටත් සහරාන් ලේබල් එකක් ගහලා, ඔක්කොම කුණු කන්දල් ටික ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ගිණුම්වලට දමලා, රාජපක්ෂලා, වීරවංශලා, ගම්මන්පිළලා ඇතුළු කණ්ඩායම හොඳ මිනිස්සු වේවි...
Likes සහ unlikes බලපුවම මෙතන සන්විධානාත්මක වංචාවක් වන බව පේනවා. තමන්ගේ බෙල්ල හිරකාරනවට කැමති පුරවැසියන් කොහෙද ඉන්නේ.
හොරකම් කරන්නේ විධායකය නම්... හොරකම් අල්ලන්න ඉන්නෙත් විධායකය නම්...
මේ හදන්නේ මහා පරිමානයෙන් රට මංකොල්ල කන්න. මේකටද සෞභාග්‍යයේ දැක්ම කියන්නේ? මේකටද වියත් මග කියන්නේ? මේකටද එලිය කියන්නේ? ජනාධිපති තුමාට හරිහැටි රට පාලනය කරන්න නොදී මෙවැනි යෝජනා සංශෝධන ගෙනෙන්නේ කවුද? මේවා හෙලි කිරීම ගැන විගණන නිලධාරීන්ට රටේ ජනතාවගේ උත්ථමාචාරය. රටේ ජනතාව මෙවැනි අපරාධ හොරකම් වලට ඉඩ නොදිය යුතුයි.
තවමත් මේ ව්‍යවස්ථාවේ භයානකකම තේරෙන්නේ නැති ඔලමොට්ටල ජනතාවක් ඉන්න රටක, හොරු මීට වැඩිය දේවල් කරයි. දැනටමත් ළමයෙක් බයක් නැතිව එළියට දාන්න බැහැ. කුඩු හැමතැනම... ඡන්දෙ දීපු හරක්ට තේරෙන කොට ඔක්කොම නැතිවෙලා තියෙයි.
විජිත්ට, බද්රානිට, හෆිල්ට ඇතුළු සියලුම සත්‍ය හෙලිකල අයට වැටිලා තියෙන නෙගටිව් කමෙන්ට්ස් වලින්ම හෙළිවෙනවා ශ්‍රී ලංකාවේ ජීවත්වන ගෝත්‍රිකයින්ගේ හීන නූගත් මානසිකත්වය. මේ පනතින් සිදුවන්නේ තමන්ගේ බෙල්ලේ තොණ්ඩුවක් දමාගැනීම බව මේ නූගත් මිනිසුන්ට වැඩිකල් නොගොසින්ම තේරුණුදාට ඡන්දෙට දුන්න ටකරම්, අරක්කු, වැනිදේ වමාරන්න සිදුවෙනවා ඒකාන්තයි.
විගණකවරුද මනුෂ්‍යයෝය. ඔවුන් දෙවිවරු හෝ සියල්ල දත්තවුන් නොවෙති. අවම වශයෙන් දේශපාලකයන් වැරදි කළවිට අවුරුදු 5කින් ගෙදර යැවීමට මහජනතාවට අවස්ථාවක් ලැබේ. එහෙත් ස්වාධීන යයි කියාගනිමින් බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන මොවුන් වැන්නවුන් වැරදි කළවිට ගෙදර යැවීමට මහජනතාවට නොහැකිය. ඒ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රමවේද ඇතැයි කෙනෙකුට කිව හැකි නමුත් එය ප්‍රායෝගිකව දිගුකාලීන දුෂ්කර අසාර්ථක ක්‍රියාදාමයකි.