IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංවිම වැටුප් ගැටළුව ගැන වෘත්තීය සංගම් තීරණයකට

(රංජන් කස්තුරි)

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සහ ලංකා විදුලි පොදු සේවක සංගමය ඇතුළු අනෙකුත් වෘත්තිය සංගම් අද (08) කොළඹ දී ස්ථාන දෙකකදී රැස්වී ලංවිම සේවක වැටප් ගැටළුව පිළිබඳව තීරණ කිහිපයක් ගෙන තිබේ.

ලංවිම ඉංජිනේරු සංගමයේ සාමාජිකයින් අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී සාකච්ඡා කර ඇති අතර එහිදී ඉංජිනේරුවන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා නීති කමිටුවක් ද පත් කරගෙන තිබේ.

ලංවිම ඉංජිනේරුවන්ගේ නව වැටුප් තලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීන්දුවෙන් පසුව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයක් ගැනීම එම නීති කමිටුවට පවරා තිබේ.

මේ අතර ලංකා විදුලි පොදු සේවක සංගමය සහ අනෙකුත් වෘත්තීය සමිති කොළඹ ලිපිකරු සංගම් ශාලාවේදී රැස්වී සාකච්ඡාකර ඇත්තේ අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස පාලනාධිකාරිය බලපෑම් කිරීමටය.

2014 වසරේ තිබූ ලංවීම සේවක වැටුප් තලය ක්‍රියාත්මක කරන ලෙස පාලනාධිකාරියෙන් ඉල්ලා සිටීමටද එම වෘත්තීය සමිති තීන්දුකර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය 2015 වසරේ සිට ඉංජිනේරුවන්ට නව වැටුප් තලයක් ක්‍රියාත්මක කළ අතර එම වැටුප්තලයට එරෙහිව ලංකා විදුලි පොදු සේවක සංගමය අභියාචනාධිකරණයේ නඩු පවරා තිබිණි.

අභියාචනාධිකරණය ඉකුත් දා තීන්දු කරනු ලැබුවේ ලංවිම ඉංජිනේරුවන්ට ක්‍රියාත්මක කළ නව වැටුප් තලය නීති විරෝධී බවය.



අදහස් (7)

ලංවිම වැටුප් ගැටළුව ගැන වෘත්තීය සංගම් තීරණයකට

Mudali Monday, 08 April 2019 02:59 PM

එතකොට වැටුප්...?

:       10       12

liyanage Monday, 08 April 2019 04:26 PM

වැටුප් ප්‍රශ්නය විසඳීමට පළමුව විදුලිය කැපීමේ ප්‍රශ්නය විසඳුවා නම් මොකද?

:       162       182

Sri LankikaTuesday, 09 April 2019 05:21 AM

නීති විරෝධීනම්, ගෙවපු වැටුප් නැවත අයකල යුතුයි.

:       1       2

Don perera Monday, 08 April 2019 04:03 PM

මගේ වාසනාවට මම රටින් පිට වුණා. නැත්නම් මේ අය එක්ක වැඩ කරන්නයි වෙන්නේ.

:       0       0

saliya Tuesday, 09 April 2019 01:20 AM

අනෙක් මණ්ඩල වලට නැති විශ්‍රාම වැටුප් පවා තිබෙනවා නේද? නීතියට ගරු කර සේවය ලබා දෙන්න.

:       0       5

රවින් Tuesday, 09 April 2019 06:41 AM

ඊයේ මේගොල්ලෝ ඔක්කම තම තමන්ගේ සාක්කු ගැන කථා කර කර ඉන්නකොට කිසිම කරදරයක් නැතිව විදුලිය සැපයුම නම් තිබුණා. අද කොහොම වෙයිද දන්නේ නැහැ.

:       0       2

lalithm Tuesday, 09 April 2019 08:00 AM

වැඩ නොවේ. පඩි විතරක් ඇතිද?. ලංකාවේ ඉංජිනේරුවෝ ඉන්නවා නම් හැමදාම විදුලිය කපන්නේ මොකද? වැඩ බැරි හොරු? පුද්ගලික අංශයට දුන්නනම් හරියනවා.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site