( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කල්අඩිය 6 කණුව ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් බෝක්කුවක ගැටි අනතුරට ලක්විමේන් 7 දෙනෙකු තුවාල ලබා අද ( 6 ) උදෑසන පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගම්පොල සිට පුත්තලමේ මිතුරකුගේ නිවසට එමින් සිටි අවුරුදු 20, 21, 24,25 සිමාවල තරුණයින් පිරිසක් බව පොලිසිය කියයි.
තරුණයින් පිරිස පුත්තලම කුරුණැගල මාර්ගයේ පුත්තලමට ගමන් කරමින් සිටියදී කල්අඩිය 6 කනුව ආසන්නයේදි ත්‍රි රෝද රථයකට මාර්ගය ඉඩ දිමට යාමේදි අනතුර සිදුව ඇති බව ලොරි රථයේ ගමන් කල පිරිස පවසයි.
අනතුරින් ලොරි රථයේ රියදුරු හා අනෙක් අසුනේ ගමන් කල තරුණයින් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති අතර සෙසු තරුණයින් පස් දෙනෙකු සුළු තුවාල ලබා සිටි බව කියයි.
බෝක්කුවේ ගැටිමේන් අනතුරට ලක්වු ලොරි රථය පහලට පෙරළි ගොස් ඇති බවත් ප්‍රදේශවාසින් එක්වි ලොරි රථය නැවත මාර්ගයට ගෙන තුවාල කරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය කියයි. අනතුර සම්බන්ධයෙන් පුත්තලම මුලස්ථාන පොලිසියේ රථවාහන අංශය වැඩි දුර පරික්ෂණ පවත්වති
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලොරිය බෝක්කුවක ගැටී 7 ක් රෝහලේ