(ආරියරත්න රණබාහු)
දීපවාලී උත්සවය වෙනුවෙන් ලබන සඳුදා(28) සියලු දෙමළ පාසල්වලට(මුස්ලිම් පාසල් හැර) නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
මෙම උත්සවය අනිද්දා(27) යෙදී ඇති බැවින් මෙම පියවර ගෙන ඇත.
සඳුදා නිවාඩු දිනය වෙනුවෙන් වෙනත් සුදුසු දිනයක පාසල් පැවැත්වීමට අදාළ පාසල්වල විදුහල්පතිවරුන් පියවර ගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවද අධ්‍යාපන ලේකම් එම්.එන්.රණසිංහ මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්‍ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.