IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


ලබන වසරේ සිට නොමිලේ තේ පැළ

(සුජිත් හේවාජුලිගේ )

වගා කිරිමට කැමති ඕනෑම පුද්ගලයකුට තේ පැළ ලබන වසරේ සිට නොමිලේ ලබාදීමට  කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

එසේම බිම් සකස් කිරීම සඳහා මූල්‍ය සහනාධාර ලබාදීමටද කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.

ඇමැති  රමේෂ් පතිරණ මහතා මෙසේ පැවසූවේ බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  පසුගියදා පැවති සාකච්ඡාවකදීය.

දැනට පවතින ක්‍රමවේදයට අනුව තේ අස්වැන්න ලබා ගැනීමට අවුරුදු තුනහමාරත් හතරත් අතර කාලයක් ගත වන  හෙයින් වගාකරුවන් අධෛර්යයට පත් ව සිටින බව පැවසූ ඇමැතිවරයා නව ක්‍රමවේදය අනුව  වගා කිරීම සඳහා තේ වගාකරුවන්  වැඩි වැඩියෙන් ඉදිරිපත් වනු ඇතැයිද  විශ්වාසය පළ කළේය.

අලුත් ඉඩම්වල තේ වගා කිරීම ආරම්භ කළ යුතු බවද  ඔහු කීවේය.

රට පුරා ඇති මුඩු ඉඩම්ද තේ වගාව සඳහා යොදාගැනීමට  ලබන වසරේ සිට බලාපොරොත්තු වන බවත් එම වැඩපිළිවෙළ හේතුවෙන් රටේ තේ කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති වනු ඇතැයි  බලාපොරොත්තු වන බවත් පතිරණ මහතා පැවැසීය.

තේ  දළු නෙළීම සඳහා   යන්ත්‍ර යොදා ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් වැඩිදුරටත්  සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට  රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, වතු ප්‍රතිසංස්කරණ,තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජේ එම් තිලකරත්න බණ්ඩා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද  සහභාගී වූහ.



අදහස් (8)

ලබන වසරේ සිට නොමිලේ තේ පැළ

Hafeel Thursday, 28 October 2021 01:33 PM

ගොවීන්ට නොමිලේ පොහොර දුන්නා වගේද මේකත්? අඩු තරමින් මුදලට හෝ ගොවීන්ට පොහොර ටික දෙන්න බැරි ආණ්ඩුව, දැන් කියනවා නොමිලේ තේ පැල දෙනවලු. මහින්දානන්ද, බන්දුල, සරත් වීරසේකර වෙන්න එපා.

:       0       9

Prabha Thursday, 28 October 2021 01:50 PM

මේ යන විදියට ඒ වෙනකොට තේ කර්මාන්තය ඉතුරු වෙලා තිබුනොත් හොඳයි

:       0       10

Shashika Thursday, 28 October 2021 02:35 PM

තාත්තාටත් ලැජ්ජයි. බයිල ගහන උද්දික පුතා

:       0       9

අප්පුහාමි Thursday, 28 October 2021 04:14 PM

අමාත්‍යාංශයේ සිටින ලේකම්තුමා සහ ඉන් පෙර සිටි රංජිත් ලේකම්තුමාත් ඉතා දක්ෂ නිලධාරින් දෙදෙනෙක්.. ක්‍රියාවලිය සාර්ථක වේවි. නමුත් තේ අස්වැන්න ගැනීමට ඇත්තටම අවුරුදු තුන හමාරක්, හතරක් අවශ්‍ය නැහැ... මම කුඩා කාලයේ ඇට පැල සිටුවා එපමණ කලක් ගත්තත් විශ්‍රාම ගැනීමෙන් පස්සේ මමත් කුඩා ඉඩමක තේ සිටුවා මාස 11න් අස්වැන්න ගත්තා. අවශ්‍ය වෙන්නේ උනන්දුව හා කපවීම... පැලදීම සමග දලු කැඩීම පුහුණු කළොත් වටිනවා.. සමහර දලු කඩන අය දළුකඩන්නේ රැවුල කපනවා වගේ. එයින් අස්වැන්න අඩුවෙනවා... යන්ත්‍රයක් හඳුන්වා දුන්නොත් වටිනවා...

:       0       3

චන්දන හෙට්ටිගමගේ Thursday, 28 October 2021 04:38 PM

මේ යක්කුන්ට පිස්සුද මන්දා? කරන්න ඕනෑ දේ මගහැරලා නොකෙරෙන දේවල් කිය කියා පාරම්බානවා. අනික රැස්වීමක් තියලා කතා කරන්න ඕන ප්‍රශ්න තියන අයත් එක්ක. නිකන් කාලයයි, සල්ලියි දෙකම නාස්ති කරන වැඩ...

:       0       4

ජනතා හඩ Thursday, 28 October 2021 05:37 PM

අර විල්පත්තු කපපු කට්ටියට ගස් හිටවන්න කියලා දුන් දඬුවම වගේ, තේ වගාව විනාශ කළ එකට හරියන්න තේ පැළ බෙදා දෙනවා වගේ. මේ ආකාරයට තීන්දු තීරණ ගන්න ලෝකයේ එකම රට ලංකාවද? පාසල් දරුවන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ගුරු දෙගුරුන්ටත් බැරි වී ඇත්තේ අධ්‍යාපනය නිම වී වෛද්‍ය.., ඉංජිනේරු , නීතිඥ , විනිසුරු හා දේශපාලකයන් වැනි තනතුරුවල සිට ලංකාව වෙනුවෙන් ගන්නා තීන්දු තීරණවල නිවැරදි බව අද පාසල් දරුවන්ට පවා ගැටළු සහගත වී ඇති බැවිණි. අපේ රට කරන්නේ වියතුන්ද? නැතිනම් පෙර පාසල් වියේ නාට්‍ය රඟ දක්වන්නන් දැයි කෙනෙක් විලම්භිත විය හැක.

:       0       4

Prasad Thursday, 28 October 2021 06:09 PM

අපට ඕනේ ඉහළ මිලක්... 2015 දී කිලෝ එකට 105ක් ලැබුණා... 2021 විතර 100යි...

:       0       1

Ferna Thursday, 28 October 2021 06:47 PM

උක් පැලයකුත් බෙදාදෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බ්‍රිතාන්‍යය ඉන්දියාව යටත් කරගෙන ඩොලර් බිලියන 64820ක් කොල්ල කාලා
2025 ජනවාරි මස 21 924 0

ඉන්දියාව එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව පැවැති 1765 - 1900 කාලය අතරතුරදී ඇමෙරිකානු ඩොලර් බිලියන 64820 ක මුදලක් එක්සත් රාජධානිය ඉන්දියාවෙන් කොල්ල කා ඇතැයි ඔක


දේව ප්‍රතිමා ඉස්සූ හිටපු සෙබලා ඇතුළු දෙකක් මාට්ටු
2025 ජනවාරි මස 21 371 0

පෞරාණික වටිනාකමකින් යුත් ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ බව කියන හිටපු හමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


ඇමෙරිකාවේ ඉවත්වීම ගැන WHO නිවේදනයක්
2025 ජනවාරි මස 21 1620 0

ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත ඇමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කර


රතු වී ගැන හම්බන්තොට මැසිවිලි
2025 ජනවාරි මස 21 600 1

2024 මහ කන්නයේ වි අස්වනු නෙළිම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සුළු වශයෙන් ආරම්භ වුවත් රජය තවමත් සහල් සඳහා මිලක් නියම කර නැතැයි ගොවීහු පවසති. එ


මාතර සහල් මඟඩියක් අල්ලයි
2025 ජනවාරි මස 21 386 0

දේශීය සහ ආනයනය කරන ලද කැකුළු සහල් පාලන මිල අභිබවා වැඩි මිලට අලෙවි කළ මාතර ව්‍යාපාරික ස්ථාන 23ක් වැටලූ බව පාරිභෝගික අධිකාරිය පවසයි .


උද්ධමනය සෘණ 2.0 ක් දක්වා අඩුවෙයි
2025 ජනවාරි මස 21 185 1

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය දෙසැම්බර් මාස සියයට සෘණ 2.0 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද ((21) නිවේදනය කළ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 440 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 619 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 338 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site