(ඉන්දිකා රාමනායක)

 

රාජයේ සාම සාධක බළඇනියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කලණ අමුණුපුර මහතා මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර ඇති බව හමුදා මාධ්‍ය  ප‍්‍රකාශ බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 2016 වසරේ  නම් කරන ලද නිර්දේශ අතුරින් කළණ අමුණුපුර මහතාගේ නම එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කිරීමෙන් පසු ඒ මහතා සාම සාධක රාජකාරි සඳහා යොමු කළ බවද බි‍්‍රගේඩියර්වරයා කියා සිටියේය.