(බිඟුන් මේනක ගමගේ)
ප්‍රසාද දීමනා හා සේවක දරු පාසල් උපකරණ ගැනීම සඳහා රුපියල් 30,000 මුදල් ආධාරයක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ට ලබා දෙන්නැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය මුදල් ඇමැති හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් අද (2) ඉල්ලීමක් කර ඇත.
ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් 15 000.00 ක් හා සේවක දරු පාසල් උපකරණ ගැනීම සඳහා වැටුපෙන් අයකර ගැනිමේ පදනම මත රුපියල් 15 000.00 ණයක් වශයෙන් මෙම ආධාර මුදල ඉල්ලා සිටින්නේ යැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් මෙබඳු ඉල්ලීමක් පසුගිය වසරේදී කළැයි ඒ අනුව 2018 වර්ෂයේ දී ප්‍රසාද දිමනා වශයෙන් රුපියල් 13,500.00 ක් ද සේවක දරුවන්ට පාසල් උපකරණ ගැනීම සඳහා රුපියල් 10,000.00 ක් ද වශයෙන් රුපියල් 23,500.00ක මුදලක් ශ්‍රී ලංගම සේවකයින්ට ලබාගැනීමට හැකි වී යැයි ද එම ලිපියේ සඳහන් වේ.
එහෙත් මේ වනවිට ජීවන වියදම අධික ලෙස ඉහළ ගොස් ඇති නිසාත් පාසල් උපකරණවල මිල ද ඉහළ ගොස් ඇති නිසාත් මෙසේ රුපියල් 30,000.00 ක සහනාධාරයක් ඉල්ලා සිටින්නේ යැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර ඇත.
ලිපියේ පිටපතක් ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතාට ද යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ ඉල්ලිමක්.
ඔබලට හම්බ වෙනවා ?????????
ගිය රජය දුන්නට මේ රජයෙන් මේන් මෙහෙම දෙයි කියලා හිතෙනවා. ඒ ගොල්ලෝ ඇමතිවරු 15 කියලා 70 ක් කලා. ඉන්නේ මන්ත්‍රීවරු 90 යි 70 ක් ඇමතිවරු. වෙනස සැපයිනේ
ඉල්ලීම නම් සාධාරණයි. වැඩ තාම මදි.. ඉස්සෙල්ලා ලංගම ලාභ ලබන ආයතනයක් කරලා පෙන්නන්න. හැමදාම බෝනස් දෙන්නම්. රටේ ජනතාවට යන්න එන්න බස් නෑ. එ්ත් ලංගම නිදි. පුද්ගලික බස් ජනතාව සූරාගෙන කනවා.
ඔබලාගේ ඉල්ලීම සාධාරණ වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ලංගමය මේ දේවල් දෙන්න ගිහින් කඩාවැටුනොත් රැකියාවත් නැතිව යන්න පුළුවන්. ඉල්ලීම් කළ යුත්තේ එය දෙන්න පුළුවන් තත්වයට නග්ගලයි. ලංගමය ගැන කියන්න ඕනෑතරම් දේවල් තියනවා මගින් වශයෙන් අපිට. එත් මේ වෙලාවේ නොකියා ඉන්නම්.
අපේ ආණ්ඩුව ආගමන බදු අඩු කළා. දැන් බෝනස් ගෙවනවා. ඡන්දයේදී අපි ගත්ත තීරණේ හරි.
එහෙමනම් ස්ට්‍රයික් නැද්ද ............ ?
මම හිතාගෙන හිටියේ බෝනස් ගෙවන්නේ ලබන ලාභයෙන් කියලයි. දැන් තමයි දන්නේ කොච්චර පාඩු ලබන ආයතනයක් වුණත් බෝනස් ගෙවනවා කියලා...
මේ විදිහට බෝනස් ඉල්ලලා ලියුමක් දෙන්න පුළුවන් වගේම ලංගමය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න සේවකයන්ගේ සැලැස්මක් හදලා ලියුමක් දෙන්න බැරි එක තමයි වැඩේ...
සමහර කොන්දොස්තරවරු ටිකට් නොදී අමතර ගානකුත් මාටියා ගහන අවස්ථා තියෙනවා..
ජීවන වියදම අඩු කරලා ඔයාලගේ ජීවිතේ සැපවත් කරන්න තමයි පොහොට්ටුව ඉන්නේ...
ඔන්න අගමැතිතුමෝ.. ඡන්දෙ කාලේ දුන්නු පොරොන්දු දැන් ඉටුකරන්න වෙයි. ඔය ඇමති මණ්ඩලය අඩුකරලා හරි මේ අහිංසකයින්ගේ ඉල්ලීම් ඉටු කරන්න. මේ මිනිස්සුන්ගේ ඡන්දෙන් තමයි ඔහෙලා ඔය පුටුවල ඉන්නේ....