IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලංගමේට ගල්මුල් වලින් පහර දීමෙන් කොස්තාපල්වරයෙක්ට තුවාල

සිතුම් චතුරංග
           
කතරගම සිට අනුරාධපුර හරහා යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථවලට අද (2) කිසියම් පිරිසක් විසින් එල්ල කළ ගල්මුල් ප‍්‍රහාර හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව චාවකච්චේරි පොලිසිය කියයි.


යාපනය නුවර ඒ නවය මාර්ගයේ චාවකච්චේරි නූනාවිල් ප‍්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති අතර ගල්මුල් ප‍්‍රහාර හේතුවෙන් බස්රථවලට දැඩි අලාභ හානි සිදුව තිබේ.


රාජකාරි නිමාකර චාවකච්චේරි පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස තුවාල ලබා චාවකච්චේරි රෝහල වෙත ඇතුළත් කර ඇත.


මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ රත්නායක නැමති චාවච්චේරි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.


පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර චාවකච්චේරි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (6)

ලංගමේට ගල්මුල් වලින් පහර දීමෙන් කොස්තාපල්වරයෙක්ට තුවාල

Kasund Sunday, 02 December 2018 09:29 AM

කට්ටිය වැඩ පටන් අරන් වගේ...

:       78       321

nadeera Sunday, 02 December 2018 09:41 AM

භයංකාර ඒ අඳුරු සෙවනැලි නේද මේ එන්නේ?

:       92       311

janis Sunday, 02 December 2018 09:42 AM

දැන් දැන් එනපොට හොඳ නැහැ... ප්‍රභාකරන්ගේ අවතාර නැගිටින පාටයි. බලධාරයිනි, ඉක්මණින් පියවර ගන්න.

:       210       1168

Galhena Sunday, 02 December 2018 11:23 AM

ඔය ඉතුරු හමුදා කඳවුරු ටිකත් වහලා දැම්මා නම් තව වැඩ බලන්න පුළුවන් වසර 3ට කරපු ප්‍රථිපල ටික තමා.

:       0       0

සිරිබිරිස් Sunday, 02 December 2018 11:57 AM

මේ මාර්ගයේම පුද්ගලික බස් ධාවනයක් සිදුවෙනවාද බලන්න. එහෙම නැත්නම් ඇඹිළිපිටියේ සිටවත් අනුරාධපුර හරහා යාපනයට බස් ධාවනයක් සිදුවේද බලන්න...

:       1       33

dias Sunday, 02 December 2018 12:09 PM

බලධරයිනි, ඉක්මන් කරන්න. ඔවුන් නීතිය අතට අරන් වගේ... යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද.?

:       27       73

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 775 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site