IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංකා බැංකු සේවකයෝ වර්ජනයකට සැරසෙති

( දයාසිලී ලියනගේ ) 

ලංකා බැංකුවේ සියලුම ශාඛාවල හෙට ( 6)  සංකේත වර්ජනයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ලංකා බැංකු ශාඛා සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනුරාධ  නිරාජ් පීටර් මහතා  සඳහන් කරයි. 

ලංකා බැංකුවේ මහ කළමණාකාර තනතුර පත් කිරීම සඳහා වසර 80 ක කාලයක් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත නොසලකා අමාත්‍ය මණ්ඩල  සංදේශයකින් අඩු සුදුසුදුකම් ලැබූ අයෙක්  පත් කිරීම පිළිබඳව විරෝධය දක්වා හෙට සංකේත වැඩවර්ජනයක්  පවත්වන බව අනුරාධ මහතා කීය.

ලංකා බැංකුවේ මහ කළමණාකාරවරයා වශයෙන් කටයුතු කළ පූර්ණ සුදුසුකම් ඇති කීර්තිමත් නිලධාරියෙකු වූ සෙනරත් බණ්ඩාර මහතා ඉවත් කර ඔහුට වඩා අඩු සුදුසුකම් ඇති පුද්ගලයෙකු අමාත්‍ය මණ්ඩල තීන්දුව මත පත් කිරීම පිළිබඳව මෙම විරෝධය පැවැත්වෙයි.

රට පුරා ලංකා බැංකු ශාඛා 637 ක 10,000 ක පමණ බැංකු සේවක පිරිසක් සේවය කරති.
 



අදහස් (13)

ලංකා බැංකු සේවකයෝ වර්ජනයකට සැරසෙති

wca Thursday, 05 March 2020 08:04 AM

ජ්‍යෙෂ්ඨත්වය, සුදුසුදුකම් (කොල කෑලි සුදුසුකම්), සීනියර් , ජුනියර්, වගේ දේවල් යල්පැනගිය ක්‍රමයන්ය. මේ රටේ ලොකුම හෙනය නම් සේවකයන් පරිපාලනයට ඇගිලි ගැසීමය. සුදුසුකම් අනුවනේ කරලා දැන් ඔය කරලත් පාඩුවෙන් දුවන්නේ. ඉතින් කොහොමද කියන්නේ සුදුසුකමෙන් කෙරු දේවල් හරි කියලා. මේ හදන්නේ තමන්ට හරියන පබ නායකයෙක් පත්කරගන්න. ඔය කව්රුහරි කියන්න මේ වැඩවර්ජනයෙන් මේ ලංකා බැංකුවට වෙන හොද මොකක්ද කියලා. වෙන්නේ රටේ ආර්ථිකයට අගතියක් වීම පමණකි. රජයේ බැංකුවල ඉන්න සෙනගට ඉක්මනට සේවයක් දෙන්න බැරි සේවකයෝ කියනවා පරිපාලනය කරන්න ඕනේ හැටි.

:       439       251

Senevirathne Thursday, 05 March 2020 08:48 AM

ඔබ කියන අය සභාපති අධ්‍යක්ෂ මණ්ඩලයට දමලා පුලුවන් රජයට තම කැමැත්ත කරන්න ඒත් මේ තනතුර නිර්දේශපාපලනීය විය යුතුය

:       37       98

SenakaThursday, 05 March 2020 08:57 AM

කවුද කියන්නෙ ලංකා බැංකුව පාඩුවට දුවනවා කියලා. ඔබ නොදන්න දෙවල් දන්නවා වගේ කතාකරන්න එපා. ලංකා බැංකුව ඉතාම ලාභ ලබන රජයේ ආයතනයක්.

:       0       86

dare Thursday, 05 March 2020 08:07 AM

මේක නිතීඥ සංගමයට හොද ආදර්ශයක්.

:       0       5

Oshan Thursday, 05 March 2020 08:30 AM

ඒකාධිපතියෝ පත් කරගත්තම ඔහොම තමා.

:       180       304

lalithm Thursday, 05 March 2020 08:39 AM

හරියට මහා බැංකුවේ අධිපති පත් කරා වගේ වේවි. වෙච්ච හරිය මදිද?

:       0       22

WCA Reply Thursday, 05 March 2020 08:43 AM

මේ උඩම wca, කියලා කොමෙන්ට් කරලා තියෙන කෙනා දන්නෙ නැතුව ඇති ලංකා බැංකුව තමයි රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ලම අතරින් ලංකාවෙ වැඩිම ලාභය වාර්තා කරන ආයතනය කියන එක. එහෙම ලාභ ලබන්න, ලෝකයේ හොඳම බැංකු 1000 තුල ලංකාවේ ඉහලම තැන ඉන්න දේශපාලන බලපෑම් වලින් තොර මහා කළමණාකරුවෙක් අවශ්‍යයි. ඒකයි හැම වසරෙම ලංකාවෙ ඉහලම ලාභය ලැබුවේ.. මේ වගේ ආයතනයක් පඹයෙක්ට කරන්න බෑ. ඒකයි වැරදි විදියට ජි එම් ඇයින් කලාට සේවකයින් සටන් කරන්නෙ.. සේවකයෝ මේ විදියට නොකලොත් ලංකාවේ මහා භාණ්ඩාගාරයට විශාලම ලාභය උපයල දෙන ආයතනය බංකොලොත් වෙන්න වැඩි දවසක් යන්නෙ නෑ. එහෙම උනොත් අනෙක් බැංකු ටික වැටෙන එක නිකන්ම වෙයි..

:       120       422

මුණසිංහThursday, 05 March 2020 11:00 AM

ලංකාවේ වැඩිම ලාබ ලබන බැංකුව කොමර්ෂල් බැංකුව. රජයේ බැංකුවල සේවය අන්තිමයි. බැලූ වෙලාවක් ඇත්නම් දිගු පෝලිම්. වැඩ සෙමින්. අකාර්යක්ෂමයි. තාක්ෂණය අතින් පස්සෙන්ම ඉන්නේ. පුද්ගලික බැංකුවල කාර්යක්ෂමතාව ඉතා ඉහලයි. මිනිස්සු රස්තියාදු කරන්නේ නැහැ. පාරිභෝගිකයන් - ගනුදෙනුකරුවන් වන අපේ මතය එයයි.

:       59       118

Bakusu Thursday, 05 March 2020 08:44 AM

රාජ්‍ය ආයතන වලට සුපුරුදු දේශපාලන අතපෙවීම රාජපක්ෂවරුන් විසින් නැවතත් ආරම්භ කර ඇති බවට හොඳම උදාහරනයකි. කෙසේ වෙතත් සෙනරත් බණ්ඩාර මහතා මෙම තනතුරට පත්වූයේද මේ ආකාරයෙන් සුදුසුකම් ඇති තවත් නිලධාරියකු කපාදමමිනි. තවද මොහු බැංකුවට අවංකව සේවය කල, වඩා සුදුසුකම් ඇති නිලධාරීන්ට මොහුගේ පරිපාලනය යටතේ උසස්වීම් ලබා නොදෙමින් ඔහුට හිතවත් අයට උසස් වීම් ලබා දෙමින් කටයුතු කල අයෙකි. එම නිලදාරීන්ට කල අසාධාරනයන් දිට්ඨධම්මවේදන කර්මයක් ලෙසින් මොහුට ලැබී තිබේ. එම නිලධාරීන්ව ඇද දැමූ අසරණ භාවයට අද මොහු මුහුණ දෙමින් සිටී. සුගත් ගුණසේකර මහතාද සිතට ගත යුත්තේ සුදුසුකම් ඇති නිලධාරීන් අකටයුතුකම් නොකර සාධාරණ ලෙස තම පරිපාලන කටයුතු සිදුකිරීමයි. නැතහොත් එම කර්මයට මුහුණදීමට සිදුවන බව සිතට ගත යුතුය.

:       5       40

goiyaThursday, 05 March 2020 10:04 AM

දේශපාලුවන්ට ඔය කර්මය පඩිසන් දෙන්නේ නැද්ද?

:       0       15

kamal Thursday, 05 March 2020 10:50 AM

ඔය වැඩ වර්ජනේ කරන්න සුදානම් 1000ගෙ අඩුව කොම්පුටෙර් 2කින් සපුරන්න පුළුවන්.

:       102       1

rocky Thursday, 05 March 2020 02:06 PM

හැම තැනකටම තමන්ගේ කෙනෙකුව දා ගත්තාම ඒවාට වැඩ දෙන්න ලේසියිනේ..!!

:       0       6

Aberathna Friday, 06 March 2020 08:06 PM

කල දුටු කළ වල ඉහගන්නවා කියන්නේ මේකට..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30386 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12433 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 783 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 239 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site