(රංජන් කස්තුරි)
ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද, ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම් හෙට(19) සිදුකිරීමට නියමිතව ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පී.බී. ජයසුන්දර කියන්නේ රජයේ කිසිඳු තනතුරක් දැරීමට නුසුදුසු පුද්ගලයකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම කෙනෙක් ජනාධිපති ලේකම් වැනි වැදගත් තනතුරකට පත් කිරීම ඉතාම අමනෝඥකමක්... ඒ ජනාධිපති ගැන තියපු බලාපොරොත්තුත් ඉවරයි.
ඉතාමත් හොද තීරණයක්. ලංකාවේ ඉන්න හොඳම කොන්ද කෙලින් තියෙන නිලධාරීන් තුන්දෙනෙක්
ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක ලේකම් ලෙස පත් කිරීම බොහොම හොද තීරණයක්.
ජයසුන්දර මහත්තයා පත් කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහත්තයාගෙන් එහෙම අහන්න ඇති නේද?
නියමයි
සිංහල මුකරි මිනිසුන්ගේ කටවල් ඇරෙන කාලයක් වෙච්ච මේක.
පටන්ගන්න හදන්නේ වැරදි පාරෙන් වගෙයි
පුදන කොටම කාපි යකා කිව්වලු!! ලංකාව සිංගප්පුරුවක් කරනවා කියලා නේද කිව්වේ.
P. B ජයසුන්දර ගැන අපි දන්නේ නැහැ. පුළුවන් නම් දැනුවත් කරන්න....
ඔය තනතුරට අධිකරණය විසින් නොසුදුසු පුද්ගලයෙකු ලෙස නම්කළ පි බි ජයසුන්දර හැරෙන්න වෙන කිසිවෙකු නැතිද ?
ඉතා හොද දෙයක්. කවුරු මොනවා කිව්වත් පි. බී. අති දක්ශ නිලධාරියෙක්. ඔහු මහින්ද රාජපක්ෂ රජයේදී ඉතා හොදින් කලමණාකාරනය කරා.
ඔව්වා ඊලග ඡන්දෙ වෙනකන් විතරයි. ඊට පස්සෙ රාජපක්ෂලා එනවා ඔය සියලුම තනතුරු වලට.
ආර්ථික ගාතකයා වගේ නමක් කිව්වා මතකයි
මම එකෙන්ම මේ නිලධාරීන් තුන් දෙනාටම කැමතියි. මාගේ ප්‍රණාමය
හැම නිලධාරියගේම කොන්ද කෙලින්. දේශපාලකයින් තමයි කොන්ද නමලා අයුතු වැඩ කරන්න පොළඹවන්නේ. රැකියාවට ආදරේ නිසයි, කට්ටියට බය නිසයි කියන හැමදේම කරනවා. වැරදි වැඩ, පැරදිලා යනකොට මේ නිලධාරීන් හිරගෙදරට යන්න ඕන. කීදෙනෙක් ඒවට වන්දි ගෙවනවද ? පිරිසිදු නායකයෙක් මේ රටට කවදා පහළ වෙයිද ?
ආර්ථික ඝාතකයා ලෙස විරුදාවලිය ලත් පුද්ගලයෙකු රාජ්‍ය ලේකම්වරුන්ගේ මුල්පුටුවට පත්වීමෙන් එම පුටු ඝාතකයා ලෙස එම පෙරමුණේ බෙරිහන් දෙන කෙනා නොකියා ඉඳීවිද?
පටන් ගන්නෙම විරවංශගේ කනට ගහලා වගේ. ආර්ථික ඝාතකයාව ජනාධිපති ලේකම් කරලා .
පුදපු ගමන් කාපි යකා කිව්වලු...
පී බී ජයසුන්දර ඉන්න කාළේ තමා සුප්‍රකට හෙජින් ගිවිසුම සිද්ධ වුනේ. එකෙන් රටට වුන පාඩුව රුපියල් බිලියන 7 කියලා සදහන් වුණා.
ගරු ..ජනාධිපති තුමනි ; පී.බී. ජයසුන්දර මහතා ඉහත නිලයට සුදුසු නොවන බව ,සමස්ත ශ්‍රී ලන්කියනගේ පොදු මතය බැවින්, ජනාධිපති ලේකම් තනතුරට වෙනත් කීර්තිමත් නිලධාරියෙක් පත්කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
ඔහු යුද්ධය පවතිද්දීත් හොඳින් ආර්ථිකය හසුරුවා ඔහුට නඩු දමල කකුලෙන් ඇද්දේ ආණ්ඩුව වට්ටවන්න මිසක් ඔහු අදක්‍ෂයෙක් දුෂකයෙක් නිසා නොවේ.