ලෝක ජනගහනයෙන් අඩකට වඩා අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී සිටින බව ජගත් සංවිධානය සිය නවතම වාර්තාවකින් හෙළි කර ඇත. ඒ අනුව ලෝක ජනගහනයෙන් බිලියන 3.9ක් අන්තර්ජාල පරිශීලකයෝ වෙති.
මෙම වර්ෂය අවසානය වන විට ජනගහනයෙන් 51.2% අන්තර්ජාලය සමඟ සම්බන්ධ වනු ඇතැයි ජාත්‍යන්තර විදුලිසංදේශ සංගමය හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය පවසයි.
මෙම තත්ත්වය වඩාත් සංකීර්ණ ගෝලීය සමාජයක් කරා පියනැගීමට ඉතා වැදගත් පියවරක් බව එම සංවිධානයේ ප්‍රධානී හෝලින් ශෝ පැවසුවේය.
ලෝකයේ ධනවත් රටවල 2005 - 2018 කාලයේ අන්තර්ජාල භාවිතය මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කළේය.
අප්‍රිකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම දියුණුව වඩාත් විස්මජනක ස්වරූපයක් පෙන්නුම් කළේය.
එසේම ලෝක ජනගහනය ඉක්මවාගිය ප්‍රමාණයක් ජංගම දුරකතන භාවිතා කරන බවද එම වාර්තාවෙන් හෙළි වී ඇත.
ඒ අනුව ජනගහනයෙන් 96% ක් ජංගම දුරකථන ජාලයන් වෙත ප්‍රවේශ වෙති.
එසේම 90% වඩා වැඩි පිරිසක් 3G හෝ එවැනි අධිවේගී සම්බන්ධතාවකින් අන්තර්ජාලයට ප්‍රවේශ වෙති.
(63226)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලෝක ජනගහනයෙන් අඩකට වඩා අන්තර්ජාලය භාවිතා කරයි
Prof. Edward Perera Monday, 10 December 2018 01:22 AM
මෙම වාර්තාවට අනුව දියුණු බටහිර රටවල අන්තර් ජාලය භාවිතය පිලිබඳ මන්ද ගාමී බවක් පෙන්නුම් කිරීමත් අප්‍රිකා රටවල එය තදින් ව්‍යාප්ත වීමත් සමාජ විද්‍යාත්මකව සොයා බැලිය යුතු කරුණක් ලෙස අපට හැඟී යනවා. දියුණු බටහිර රටවල (මෙන්ම ජපානය, චීනය හා කොරියාවත් ඇතුළුව ) මිනිසුන්ට ජීවත්වීමට දවසකට පැය 24 කුත් මදි තරම් මන්ද හැම විනාඩියක් යනු ඉපයිය හැකි මුදලක් බව ඔවුන් දන්නා නිසා. මේ කාලය දුර කතන හෝ පරිගණක හරහා නිකරුනේ නාස්ති කිරීමට ඔවුන් පෙළඹෙන්නේ නැහැ. එසේ කලත් ඔවුන් එය කරන්නේ තමන්ගේ ජීවන වෘත්තියට සම්බන්ධ කරගෙනයි. නොදියුණු හා දියුණුවෙමින් පවතින රටවල පවතින මහා පරිමානයේ රැකියා වියුක්තිය නිසා දුර කතන ඔස්සේ අන්තර් ජාලයට පිවිසී මිතුරු මිතුරියන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමට ඔවුන්ට කාලයක් ලැබී තිබුනද ඉච්චා භංගත්වයෙන් මිදීමට එය උපකාරී වන්නේ කෙටි කාලීනව පමණි. ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් අතර මෙන්ම තරුණ ජනගහනය අතර භාවිතා වන දුර කතන ඔස්සේ අන්තර්ජාලයට පිවිස තමන්ගේ දැනුම වැඩිකරගෙන රැකියාවක් ලබා ගැනීමට ඇති ඉඩකඩ පුළුල් කර ගැනීමට ඔවුන් පෙළඹවීමේ වැඩ සටහන් දීප ව්‍යාප්තව ප්‍රචලිත කළයුතුව ඇත.