(සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 54 දෙනකු ශිෂ්‍යත්ව සඳහා බ්‍රිතාන්‍යයට යැවීමේ වැඩපිළිවෙළ පිටුපස බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුවී ඇතැයි පවසමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුළු එහි නියෝජිතයෝ පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (29) පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් අරඹන්නැයිද එම නියෝජිතයෝ අල්ලස් කොමිසමේ ප්‍රධානීන්ගෙන් එහිදී ඉල්ලා සිටියහ.
අල්ලස් කොමිසමට එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු එම කොමිසම ඉදිරිපිටදී මාධ්‍යයට අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා මෙසේ පැවැසීය.
"අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 54 දෙනකුට ශිෂ්‍යත්ව ලබාදී බ්‍රිතාන්‍යයට යැවීමට කටයුතු කරගෙන යන බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ එක් අයකු වෙනුවෙන් ලක්ෂ 80ක් වියදම් කිරීමට සූදානම් වන බවත් ආරංචියි. ඒ අනුව 54 දෙනාට කෝටි හතළිස් තුනකට වැඩි මුදලක් වැය කිරීමට සූදානම් වෙලා ඉන්නවා. මේ විදෙස් ශිෂ්‍යත්ව ලබාදීම පිටුපස තිබෙන්නේ සම්පූර්ණයෙන්ම දූෂණයක්.ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙතනදී නිසි ලෙස අනුගමනය කරල නැහැ. මේක ප්‍රසම්පාදන කමිටුවෙන් දෙවතාවක් ප්‍රතික්ෂේප කරපු යෝජනාවක්.
මේ යවන්න හදන පනස් හතර දෙනා අතරවිවිධ ගැටලු තියෙන අය ඉන්නවා. සේවාවන් පහක් තියෙද්දි එක සේවාවකින් පමණක් මෙලෙස පුද්ගලයන් තෝරා ගැනීම ගැටළු සහගතයි. මේ සඳහා නිලධාරින් අතලොස්සක් තෝරාගෙන ඇත්තේ අවිධිමත් ලෙසයි. මහාචාර්ය ජී එල් පීරිස් ඩලස් අලහප්පෙරුම හිටපු අධ්‍යාපන ඇමැතිවරුන් පවා මේ වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරලා තිබුණා. එහෙම ප්‍රතික්ෂේප කරපු වැඩසටහනක් යළි ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙලා ඉන්නවා. ලෝක ආධාරවලට මුවා වෙලා තමන්ට අවශ්‍ය කණ්ඩායමක් මෙලෙස ශිෂ්‍යත්ව සඳහා යැවීම බරපතළ අසාධාරණයක්.
මෙතැන ළබැඳියාවන් අතර ගැටුමක් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන්ගේ පෞද්ගලික හිතෛෂීන් මෙසේ විදේශගත කිරීමට උත්සහ දරනවා.වහාම මෙම වැඩපිළිවෙල අත්හිටුවන්න ඕන. ප්‍රසම්පාදන ක්‍රියාවලියට යන්නේ නැතුව හතර දෙනකුට වීසාවලට දැනටමත් මුදල් ගෙවලා තියෙනවා. ලේකම්වරයා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියෝග කර ඇත්තේ එසේ මුදල් ගෙව්වට පස්සෙයි. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලංකා ගුරු සේවා සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්