(රංජිත් රාජපක්ෂ)
ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තම පක්ෂයේ විධායක සභාව අද (13) තීරණය කළ බව එම පක්ෂයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.
හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථනායේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය කුමන අපේක්ෂකයාට ලබාදෙන්නේ ද යන්න පිළිබඳව අද (13) පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් පසුව පැවති මාධ්‍යය හමුවේදී තොණ්ඩමන් මහතා ඒ බව කීය.
වතුකරයට බලපාන ප්‍රධාන ගැටළු 32 සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ බවත්, එම සාකච්ඡාවලට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් තම පක්ෂයේ විධායක සභාව වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව විධායක සභාව ජනාධිපති අපෙක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට පුර්ණ සහයෝගය ලබාදිය යුතු බවට තීරණය කළ බව තොණ්ඩමන් මහතා පැවසීය.
මෙම මාධ්‍ය හමුවට ලංකා කම්කරු කොංගස්‍රයේ ජ්‍යෙෂ්ඨ නායකවරු රැසක් සහභාගී වූහ.


COMMENTS
ගේඨාභය මැතිඳුගේ ජය නියතයි. සිංහල බහුතරය පමණක් නොවේ. රටට ආදරේ දෙමල මුස්ලිම් සහයෝගයෙන් නුවරඑළියත්, මඩකලපුවත්, අම්පාරත්, ත්‍රිකුණාමලයත් දිනනවා.
2015 ජනාධිපතිවරණයේදි සහ මහ මැතිවරණයේදී හිටියේත් ඒ පැත්තේ. ප්‍රාදේශීය සභා ඡන්දය ඉල්ලුවේ ශ්‍රිලනිපය එක්ක. ඒට පස්සේ ආයේ මහින්ද ගාවට ගියා. කොහොමත් ගිය ජනාධිපතිවරණය වගේම තමා වෙන්නේ. තනි පුද්ගලයෝ එහෙට මෙහෙට පනින එක විතරක් වෙනස් වෙයි.
දැන් නම් සජිත් කොහොමත් පැරදි .රට දිනුම්.
ඔන්න දේශප්‍රේමියෝ.
වතුකරයේ ඉල්ලීම් 32 ටම ගෝඨා එකග වෙලා. මෙන්න ජාතික වීරයෝ. කෝ දේශප්‍රේමියෝ?
32 නෙමෙයි උඩරට උනත් ලියල දෙන්නම්.කොළඹ, මාතර, චිනට දුන්න වගේ මෙන්න දේශප්‍රේමය රට පුරා දොරේ ගලනාවෝ.
32 ම දෙයි. ගෝඨා ජාතික වීරයෙක් වෙයි. මෙහෙමත් රටක්.
ජනාධිපතිවරණයේදී සුලු ජන ජන්දය වැදගත් වන අතර එය දිනා ගැනීම සඳහා සියලුම පක්ෂ එකසේ උත්සාහයන් දරමින් ඉන්නා බවයි පෙනෙන්නේ. තොණ්ඩමන්ට වතුකරයේ ලක්ෂයක විතර ඡන්ද තියෙනවා. හිස්බුල්ලා, කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් දැනටමත් ගෝඨාභයට එකතුවෙලයි ඉන්නේ. මේ ගැන "තනි සිංහල" ආණ්ඩුවක් හදන්න ගෝඨාභය පසුපස ඉන්නා දේශප්‍රේමී කොටස්කරුවන් "මීක්" කියන්නේ නැත.
තොන්ඩමන් සජිත්ට එකතු උනා නම් තොන්ඩමන් කොටියා ..... ගෝටට එකතුවුණු නිසා තොන්ඩමන් දේශප්‍රේමියා මෙන්න අපේ රටට ගිය කලක් මේකට කියන්න වහල් මානසිකත්වය කියලා
තොන්ඩමන් කියන්නේ බරපතල අවස්ථා වාදියෙක් ගෝඨා රටම පාවාදුන්නා කියලයි අපිට හිතෙන්න. ඉල්ලීම් 32 රටට කියන්න එක දැනගන්න තොරතුරු දැනගැනීමේ පනත් අනුව ජනතාවට අයිතියක් ඇත .
කුහක හිත්වලින් දේශපාලන අදහස් ලියන්න එපා. වතුකරේ දෙමල මින්නිසු කවදාවත් වෙනම රටක් ඊලමක් ඉල්ලුවේ නැහැ.
අනේද කියන්නේ ??
කෝ අර ද්‍රවිඩ මුස්ලිම් එපා කියන සිංහල බමුණු මතධාරීන්.
කවුරු ආවත් ගියත් මෙවර අපෙ ජනාධිපති ගොඨාභයයි. සිංහල ජනතාව 70 % කගෙ මතය එයයි. දැන් තබෙන්නෙ අළුත් උගත් රටට හිතැති ජනතාවට ආදරය කරන මුස්ලිම් හා දෙමළ නායකයින් කිහිප දෙනෙක් අළුතන් යොදවාගෙන ඡන්දය කිරීමයි
ඔය 32 ගැන කතා කරන අය දන්නවද ඒවා මෙනවද කියලා? ටී.එන්.ඒ එකත් එක්ක සජිත් එකඟ වුන ඒවා රටට හොඳද? ඒවට සද්ද නැහැ.
ගෝඨා හිතන් ඇති කටේ තියෙන දත් 32 අයිතිය වගේ රජයේ ඉඩම් ටිකත් එයට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියලා.අත යටින් කියක් හරි ඇඩ්වාන්ස් ගෙව්වනම් අදම ඔය ඉල්ලන ඒවා ගන්න තිබුනා.
වහල්ලුන්ට මේකත් මාර වීරකමක් වගේ. ඉල්ලන ඉල්ලීම් ඔක්කොටම එකඟ උනාම 'දිනන්න මැතිඳුනි' කියනවා. වෙන කෙනෙක් එකඟ උනානම් 'ජාතිය පාවල දෙනවා' කියනවා. මෙහෙමත් දීන වහල්කමක්.
එට්කා ගිවිසුම, මිලෙනියම් ගිවිසුම, සින්ගපුරු ගිවිසුම ගැන මෑරෙන්න ගිය දේශපේමියො මේ ගිවිසුම ගෑන හොයන්නෙ නෑතෙයි? බයි තියරිය යනු, තමන්ගේ එකාට සපෝට් නම්, ප්‍රබාකරන් උවත් දේශප්‍රේමියෙක් ලෙස සෑලකීමයි.
හරියට කේන්ති ගිහිල්ලා වගේ. වැරදිලාවත් අනිත් පැත්තට සහයෝගය දෙනවා කිව්වා නම් මීක් සද්දයක් නැතුව ඉදියි නේද?
ඒ කියන්නේ ඉන්දියාව රනිල්ලව තනි කළා?
ඔන්න ඔරිජිනල් නිව්ස් එකෙන් දවස් දෙකක් යන්න පෙර පිරිවර හැළිල වෙන පාරක යනව. ලොක්කගේ ඡන්දෙත් ෂුවර් නැහැ වගේ.