IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරය ජීවන් තොණ්ඩමන්ට

(රංජිත් රාජපක්ෂ)

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා වෙත පිරි නැමීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (17) දින තීරණය කර ඇත.

හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පදනම් කාර්යයාලයට එක් රැස් වු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් එම පක්ෂයේ මහ ලේකම් ධුරය ජිවන් තොණ්ඩමන් මහතාට ලබා දිමට එක් මතිකව තිරණය කර තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ මෙතෙක් මහ ලේකම් ධුරය දැරු අනුෂා සිවරාජ් මහත්මියට එම පක්ෂයේ උප සභාපති ධුරයක් පිරිනැමිමට දේශපාලන මණ්ඩලය ඒකමතිකව තිරණය කර ඇත.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැත.



අදහස් (10)

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරය ජීවන් තොණ්ඩමන්ට

විජිත් Wednesday, 17 June 2020 06:50 AM

වතුකරයේ පවත්වාගෙනයන කුමාර රාජ්‍යයෙහි පාලක පැලැන්තියේ තුන්වන පරම්පරාව දැන් සිය කාර්යය පටන්ගෙන ඇත. පවුලේ පරම්පරාවේ තුන්වන ලේ උරුමක්කාරයාවත්... මේ වතුකරයේ සිටින අන්ත අසරණ, ඒ වගේම අපේ රටේ ආර්ථිකය නගා සිටුවීමට කෙලින්ම සිය දායකත්වය දෙන, හැම රජයක් විසින්ම අමතක කරන ලද. නැතිනම් බොරුවෙන් රවටන ලද ඒ මිනිසුන් හට " යමක් " කරාවිද කියා බලාගෙන ඉමු.

:       27       36

BamunuarachchiThursday, 18 June 2020 07:10 AM

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරයට කවුරු පත් වුනත් අපිට ඔබට ඇති රුදාව මොකක්ද? අපි නොදන්නා පෙරියලිංගම් කෙනෙක් පත් වුණොත් ඔබේ ප්‍රශ්නය විසඳෙනවාද? අනික ඔවුන්ගේ ප්‍රශ්න විසඳනවාදැයි කියා අපි මොන බම්බුවකටද බලාගෙන ඉන්නේ? අපිට කරන්න වෙන කාර්යයන් නැද්ද?

:       0       0

sam Wednesday, 17 June 2020 06:54 AM

මරුනේ, රාජපක්‍ෂ දරුවන්ට හැමෝම බනිනවා හැබැයි නාමල් අඩුගානේ තරුණ වයසේදී දිගටම දේශපාලනය කරලා ඡන්ද දිනලා එන කෙනෙක්.

:       59       228

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 June 2020 07:01 AM

වතු කම්කරු ජනතාවගේ සිහිනයනේ.. ඔවුන් කැමතිනම්, අපේ මොකෝ නේද?.. ඔන්න ඔහේ පත්වුණාවේ. නේද? ... මොකෝ අපි කිව්වාට වතුකම්කරුවන් අහන්නේ නැහැනේ..

:       1       115

samWednesday, 17 June 2020 08:49 AM

අපිට කරන්න දෙයක් නැහැ... නමුත් තොණ්ඩමන්ලා කම්කරුවන්ගේ අයිතිවාසිකම් රකින්නේ කොහොමද? ඔවුන්ම වතු අයිතිකාරයින් වෙලා ඉන්නකොට... මේ තත්වය නම් වෙන කිසිම පක්ෂයක පේන්න නැහැ. නියම නඩු සහ බඩු හමුදාවන්ගේ ක්‍රමයක්.. පව් අප්පා වතුවල මිනිස්සු... තොණ්ඩමන්ලාගේ වත්තේ වැඩ කරන කම්කරුවන්ටවත් තොණ්ඩමන්ලා ඔය කියන අයිතිවාසිකම් දීලද දන්නවද?

:       7       13

BamunuarachchiFriday, 19 June 2020 02:54 AM

මොන දේකටද තොන්ඩමන්ලා වතු ජනතාවට කරපු නොකරපු ඒවා ගැන අපි කනස්සලු වෙන්නේ? වතු ජනතාව අපිට වැඩිය හොඳට දන්නවා තොන්ඩමන්ලා වතු ජනතාවට කරපු නොකරපු දේවල්. ඔහුගේ අවමංගල උත්සවයට වතු ජනතාව දැක්වූ ප්‍රතිචාරයෙන් අපිට එය බලා ගන්න පුළුවන්.

:       0       0

BamunuarachchiSaturday, 20 June 2020 12:39 PM

ඔබ වතු කම්කරුවන්ට මොනවා කියන්නද? වතු කම්කරුවන්ගේ නායකයා තොන්ඩමන් කියලා අපි දැනගත්තාම අපිට් හොඳටෝම ඇති...

:       0       0

de silva Wednesday, 17 June 2020 02:19 PM

තොණ්ඩමන්ලා පොහොසත් වතු කම්කරුවෝ... හැමදාම දුප්පත්...

:       0       0

pradeepa Wednesday, 17 June 2020 05:35 PM

අනේ මේ කිරි දරුවට තාම පොඩියිනේ.. දැන් හෙට, අනිද්දා ඡන්දෙන් පස්සේ කැබිනට් ඇමැති කෙනෙක්ගේ රාජකාරියත් කරන්න තියෙනවා. අපේ කිරි පුතාට පුළුවන් වෙයිද ඔක්කොම බදාගෙන කරන්න.

:       0       0

BamunuarachchiSaturday, 20 June 2020 12:35 PM

මොවුන් පොඩි වැඩිනම් මොන මගුලකටද බෙරිහන් දෙන්නේ? වයසක රැල ගෙදර යවලා තරුණයෝ පත්කර ගන්න කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site