ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා අයි.ඕ.සී.) ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද (22) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත.
ඒ අනුව ලංකා අයි.ඕ.සී. සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137ක් දක්වා අඩුවනු ඇත.
ලංකා අයි.ඕ.සී. සමාගම ඉකුත් දා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගෙන තිබිණි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 137කි.
055
COMMENTS
හෙලෝ.., IOC.. නිකං කිච නොවී ඒ මිලේම හිටියා නම් ඉවරයිනේ.. නැද්ද මං අහන්නේ..?
ඊයේ වැඩිකරපු මිල අද අඩු කරයි කියලා දැම්මා නං තවත් හොඳයි.
මේගොල්ලෝ නාටක රඟදක්වනවා...මේවට නීති නැද්ද දඬුවම් කරන්න...?
එතකොට මේ මිල අඩුකිරීම ඇමති දන්නවා ඇති. මොකද්ද මිල අඩුකිරීමක් නේ... මිල වැඩිකිරීම එයා දන්නේ නැහැ.
ලංකාවේ ඉන්ධනහල් පවත්වාගෙන යන ඉන්දීය සමාගමක පෙට්‍රල්වල 95 පැවතිය යුතු ඔක්ටේන් අගය 88 මට්ටමේ තමයි පවතින්නේ. 92 මට්ටමේ ඔක්ටේන් පරීක්ෂාවට ලක්කර නෑ. ඒ අගය මීටත් වඩා අඩු විය යුතුයි. මේ පෙට්‍රල් වාහනයට යෙදීමේදී මේ ගැන සැලකිලිමත් වෙන්න.
කෝ අර දැවිල්ල අරන් කෑගහපු ටෙලිෆෝන් ලොක්කා? බිස්නස් එකේ රැඳී සිටින්න ඕනේ නම් ඉන්දියන් සමාගම ඔය දේ කළයුතුයි.
දැන් ඉතින් අයි.ඕ.සී. එකට පාඩු ඇතිනේ..? අකුලාගෙන ආපසු යයිද මන්දා...
මිලෙහි වෙනසකුත් නැතිනම් ඒ අයගෙන් නොගෙන ඉන්න එකම තමයි හොඳ...