IMG-LOGO

‘‘ලක්සල‘‘ හිටපු සභාපති ඇතුළු සිවු දෙනා නිදහස්

(නිමන්ති රණසිංහ)

ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය නොකරමින් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවකින් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) හිටපු සභාපතිවරයා ඇතුළු සිව් දෙනකු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී.රාගල මහතා අද (03) නියෝග කළේය.

කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැති වීම මත ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට අල්ලස් කොමිසම අධිකරණයට කළ දැනුම්දීම මත මෙම නඩුවෙන් චූදිතයින් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය .

ඒ අනුව , අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වගන්ති ප්‍රකාරව නැවත නඩු පැවරීමේ එකඟතාවය මත චූදිතයින් නඩුවෙන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මෙලෙස නිදහස් කරනු ලැබූයේ, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) හිටපු සභාපති අනිල් කොස්වත්ත, එහි කළමනාකාර අධ්‍යක්ෂ ලක්ෂ්මි මිනෝන් එදිරිවීර පෙරේරා, එහි මුදල් අංශයේ අධ්‍යක්ෂක සන්ධ්‍යා රෝහිණී මල්කාන්ති පෙරේරා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ අරංගල්ලගේ උපාලි ධර්මසිරි පෙරේරා යන අයවලුන්ය.

 



අදහස් (6)

‘‘ලක්සල‘‘ හිටපු සභාපති ඇතුළු සිවු දෙනා නිදහස්

siri Tuesday, 03 August 2021 06:40 PM

කාටද මන්දා අලුත් කෙනෙකුට දැන් " නිදහසේ පියා" කියල කියන්න පටන් අරගෙන ඔන්න.

:       1       105

Lalith M Tuesday, 03 August 2021 09:47 PM

නිදහස ලබපු ලමයට ආයිමත් ලක්සල භාරදෙමු නේද. හොඳටම කරයි

:       0       1

Demuni Uduwara Wednesday, 04 August 2021 03:02 AM

නිදහසේ පියා නොවේ... ‘නිදහස කාපියා..!‘

:       0       1

Demuni Uduwara Wednesday, 04 August 2021 03:10 AM

රජය වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ..!

:       0       1

dinal Wednesday, 04 August 2021 05:00 AM

කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැති වීම මත ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සහ ආයුධ පෙන්වීමට යාම කෝකටත් තෛලය වී ඇති වගයි..

:       0       1

ලුම්බිණි Wednesday, 04 August 2021 05:18 AM

තාක්ෂණික දෝෂ නැති නඩු තියෙන්නේ කලාතුරකින්. අර රන්ජන් රාමනායකගේ නඩුව වගේ...!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 158 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site