(සිතුම් චතුරංග)
අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමක් සහිත කේරළ ගංජා කිලෝ 13යි ග්‍රෑම් 315 සමඟ පුද්ගලයකු අද(03) කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
මත්ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලැබුණ තොරතුරක් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී මලයාලපුරම් නිවසක් තුල සඟවා තිබූ කේරළ ගංජා සොයා ගෙන ඇත.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති මෙම කේරළ ගංජා තොගය යාපනය සිටින ධීවරයකු මාර්ගයෙන් සැකකරු මිලදීගෙන ඇතිබවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය. සැකකරු කේරළ ගංජා තොගය මුලතිව් ප්‍රදේශයට රැගෙනගොස් කුඩා ප්‍රමාණයේ පැකට් සකසා තරුණයින් අතර අලෙවිකිරීමට සූදානම්ව සිටි බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවටගත් සැකකරු මුලතිව් ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූවකු බව පොලිසිය වැඩිදුරටත් පැවසීය. සැකකරු කිලිනොච්චිය මලයාලපුරම් පදිංචි වයස අවුරුදු 29 පුද්ගලයකු වේ.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ සැකකරු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලක්ෂ 20ක කේරළ ගංජා මලයාලම්පුර නිවසකින් සොයාගනී