(රංජන් කස්තුරි ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට)
ශ්‍රී ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් සමඟ සහයෝගයෙන් සහ මිත්‍රශීලිව කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් යැයි ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් නවදිල්ලි නුවරදී අද (1) ප්‍රකාශ කළහ.
කුමන් තත්ත්වයක් යටතේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් නොවන අතර එය ඕනෑම ආණ්ඩුවකට එකසේ ක්‍රියත්මක වන බවද ඔවුහු පැවැසූහ.
මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වන ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් පිරිසක් සමඟ අද (1) පස්වරුවේ නවදිල්ලි නුවරදී පැවැති විශේෂ හමුවකදී එම නිලධාරීහු එම කරුණු සඳහන් කළහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියානු රජය හැමවිටම සූදානම් බව ද ඔවුහු කීහ.
ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක් වන අතර හැමවිටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනු ඇතැයි ඉන්දියාවේ විශ්වාසය බව ද එම නිලධාරීහු පැවැසූහ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන නායකයන් ඉකුත් කාලයේ අවස්ථා ගණනවාකදීම ඉන්දියාවේ සංචාරය කර ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කිහිපවිටකදීම ශ්‍රී ලංකාවට ගොස් තිබෙන අතර එමගින් දෙරට අතර තිබෙන සබඳතාව පැහැදිලි වන බව ද ඔවුහු කීහ.
එම සාකච්ඡාවේදී ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස සඳහන් කළේ ‘එට්කා’ ගිවිසුම, මත්තල ගුවන් තොටුපොළ, පලාලි ගුවන් හමුදා කඳවුර වැනි ආයෝජන ව්‍යාපෘති පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුවේ එකඟතා මත ඉදිරියේදී කටයුතු සිදුවනු ඇති බවය.
ආසියානු කලාපයේ මිත්‍ර රටවල් අතරින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට වැඩි සහායක් ලබාදීමට ඉන්දියාව හැම විටම කටයුතු කරන බව ද එම නිලධාරිහු කීහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් සමඟ මිත්‍රශිලි වෙන්න ඉන්දියාව සූදානම්
upali Thursday, 01 November 2018 02:40 PM
අන්න එහෙම එන්න.
Bamunuarachchi Saturday, 03 November 2018 01:05 AM
උපාලි ඒ ගොල්ලෝ දෙන පණිවිඩය කව්රු ආවත් අපේ වැඩේ අපි කරගන්නවා කියලා. අර කෙනෙක් කියලා තිබුනේ කව්රු බලයට ආවත් මම ඇමති කියලා... ඒවගේ තමයි. බලමු මේගොල්ලෝ වරායේ කොටසක් ඉන්දියාවට දේවිද කියලා... කොටින්ම රටේ සම්පත් ඉන්දියාවට විකුණාවිද කියලා...