IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


ලංකාවට පැමිණෙන ගුවන් සේවාවන් සඳහා සහන පැකේජයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් සේවාවන් සඳහා ඉන්ධන සැපයුම් මිල අඩු කිරීම, බදු සහන සැලසීම ඇතුළු විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) උපදෙස් ලබා දුන්නේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පසුබෑමට ලක් වූ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

මේ අනුව ගොඩබිම් මෙහෙයුම් කටයුතු ගාස්තු අඩු කිරීම, ගුවන් යානා වලට සපයන ඉන්ධන මිල අඩු කිරීම සහ ගුවන්ගත වීමේ බදු අඩු කිරීම වැනි පියවරවල් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දුන් අගමැති වික්‍රමසිංහ මහතා එවැනි සහනයන් ලබා දීම මගින් ගුවන් සේවාවලට සිය ගුවන් ගමන් ටිකට්පත්වල මිල අඩු කිරීමට හැකි බව පෙන්වා දුන්නේය.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී අද (01) පැවති සාකච්ජාවකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙම  සාකච්ජාවට සංචාරක සංවර්ධන අමාත්‍ය ‍ජෝන් අමරතුංග, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක රාජ්‍ය ඇමතිවරුන් වන ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා   ,අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක,ගුවන් තොටුපල සහ ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා,සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ජාවට සහභාගී වූහ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සංචාරක පුරවරයක් කිරීමේදීද මෙම ක්‍රියාදාමයන් අනුගමනය කිරීම වැදගත් බවයි .

ඉන්දි‍යාවේ නවදිල්ලි නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ක්‍රියාත්මක ගොඩබිම් මෙහෙයුම් කටයුතුවල මට්ටමට අප ගුවන් තොටු‍පළේ සේවාවන් පවත්වා ගත යුතු බවත් නැව්ගත වීමේ බදු මුදල ඩොලර් 40 දක්වා අඩු කරන ලෙසද අගමැතිවරයා මෙහිදි උපදෙස් ලබා දුන්නේය.

මෙසේ සේවාවන් සහ ඉන්ධන මිල අඩු කිරීමේදී ගුවන් සේවාවන්ට සිය ගුවන් ටිකට් පත්වල මිල අඩු කළ හැකි වන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සංචාරක ප්‍රවර්ධන වැඩ පිළිවෙල කඩිනමින් විධිමත් කළ යුතු බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය. එහිදි සංචාරක මෙහෙයුම්කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 150 ක මුදලක අරමුදලක් පිහිටුවන බවද අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදි සඳහන් කළේය. සංචාරක ප්‍රවර්ධනයේදී ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය සහ ඉන්දියාවේ සංචාරකයින්  විශේෂයෙන් අරමුණු කර ගනිමින් කටයුතු කළ යුතු බවත් අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

හෝටල් කර්මාන්තකරුවන් බැංකුවලින් ණය ලබා ගැනීමේදී විශාල ඇපකරයක් ඉල්ලා සිටීම නිසා ණය ලබා ගැනීමේදී හෝටල් කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවයකට පත් වන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීහු මෙහිදි පෙන්වා දුන්හ.

ණය ලබා දීමේදී  බැංකුවලට මුහුණ පෑමට සිදු වන ‍අවධානම බෙදා ගැනීම සඳහා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ අදාළ බැංකු සමඟ සාකච්ඡා කර වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස අගමැතිවරයා උපදෙස් ලබා දුන් අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න මහත්වරුන්ට එම වැඩ පිළිවෙල භාර දෙනු ලැබිණි.

සංචාරක කර්මාන්තය සඳහා පළාත් පාලන ආයතනවලින් අය කරනු ලබන බදු මුදල්වලින් සහනයක් ලබා දිය යුතු බවට මෙහිදී අවධානය යොමු වූ අතර එය  නීතිපතිවරයා සමඟ සංචාරක ඇමතිවරයා සමඟ සාකච්ඡා කර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවට මෙහිදි අවධාරණය විණි.

සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී එළැඹුණු තීරණයන් කැබිනට් මණ්ඩලයට යොමු කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.



අදහස් (10)

ලංකාවට පැමිණෙන ගුවන් සේවාවන් සඳහා සහන පැකේජයක්

chandima Monday, 01 July 2019 04:41 PM

ඔය වැඩේනම් වැඩක්වෙයිද කියන්න බැහැ. මෙතන ලංකාවට නොඑන්නේ ගුවන් යානා නෙමෙයිනේ, එව්වගේ එන සංචරකයෝනේ.. ඔය සහන ගත්තු එක සමාගමක්වත් මගීන්ට ටිකට් පතට එක ඩොලර් එකක්වත් අඩුකලොත් මෙන්න මගේ කන... අනික ඔය සහනෙට ටිකට්පතකින් ඩොලර් දහයක් පහළොවක් අඩු කළත් ඒ ලාබෙ බලාගෙන ලංකාවට නිවාඩුවට යමු කියලා එනවා නම් එන්නේ චපාතිකාරයෝ විතරයි. මෙහෙඇවිත් අතමිට යහමින් වියදම් කරලා යන්න එන සංචරකයෝ නම් ඩොලර් දහයේ පහලොහේ ලාබෙ බලන්නේ නැහැ. අන්තිමේ මිනිස්සු නැතුව හිස් ආසන එක්කලා එන ගුවන් යානාවලටත් සල්ලි ගෙවන්න වෙනවා...

:       283       764

සපුමල් Tuesday, 02 July 2019 04:08 AM

සපුමල් ඔබ මොනවා දැනගෙන, මොන පදනමක ඉඳගෙන සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනවාද යන්න ගැන අප නොදන්නෙමු. එහෙත් ලෝකයේ බොහෝ රටවල් වල සංචාරක ව්‍යාපාරයේ පසුබෑම් සමග එන ප්‍රවර්ධන වැඩ සටහන් සහ ක්‍රමවේදයන් තිබේ. මේ එයින් එකක් පමණි. සහන මිලකට ලැබෙන සංචාරක පැකේජ ගැන නොදන්නේ නම් අසා දැනගන්න. එහි ප්‍රතිලාභ පිලිබදවද ඉගෙන ගෙන කතා කරන්න.

:       1       2

de silva berlin Monday, 01 July 2019 07:06 PM

චන්දිම මහත්මය ඔය දීපු සහනේ වැරදිනම් සහන දෙන වෙන වැඩපිළිවෙලක් ඔබට තිබේද ? එසේනම් එය ඉදිරිපත් කරන්න .

:       0       5

Dil Monday, 01 July 2019 08:18 PM

කරන දෙයක් ඉක්මනට කරන්න. මෙහෙ ඉන්න විදේශිකයෝ දැනටමත් ටිකට් ලබාගෙන ඉවරයි. ලංකාවේ අයගේ අන්තිම මොහොත වෙනකන් විදේශිකයෝ බල බල ඉන්නේ නැහැ

:       0       0

Ruhunu Monday, 01 July 2019 08:28 PM

ඉතා හොඳ අදහසක්

:       0       0

chinthaka Monday, 01 July 2019 08:52 PM

ඡන්දෙ ලග නිසා බොරු වැඩ ඕන නැහැ අගමැතිතුමා. මෙච්චර කාලෙකට දකුණු ආසියාවෙන්ම වැඩිම ගුවන්තොටුපල බදු අය කරේ කටුනායක ගුවන් තොටුපලේදී. උදාහරණයක් දෙනවනම් සිංගප්පුරුවට ටිකට් එක රුපියල් 16,500 වෙද්දී ඔබතුමාගේ බදු විදියට එකට රුපියල් 17,500 විතර එකතු කරලා රුපියල් 34,000 විතර සංචාරකයන්ට විකුනනවා.

:       0       0

himal Tuesday, 02 July 2019 05:26 AM

ගුවන් ටිකට් පත් වල මිල අඩු වෙච්ච පමණින්ම සංචාරකයො එනවා කියන්න අමාරුයි, ඒත් ශ්‍රී ලංකාව හරහා වෙනත් රටවලට යන්න එන මඟීන්ට වියදමක් අඩු වීම මඟින් යහපතක් වෙන්න හැකියි. අනෙක් අතට ගුවන් සේවාවන්ට ලංකාව හරහා ගුවන් ගමන් යාම අනෙක් රටවලට සාපෙක්ෂව ලාභ දායි වුනොත් එතනත් වාසියක් එන්න හැකියි, මොකද සේවා ලබා ගැනීම හා කාර්ය මණ්ඩලය ලංකාවේ හෝටල්වල නවාතැන් ගැනීම නිසා.

:       0       1

Ranjan Tuesday, 02 July 2019 07:41 AM

ලංකාවේ තිබෙන අස්ථීර නිතිය ක්‍රියාත්මක නොවන වැරදි වලට දඩුවම් නොලැබීම වගේ දේවල් ගැන පිටරටවල මිනිසුන් කතා බක කරනවා සංචාරයට යන්න පෙර ඒ රට ගැන ඔවුන්ගේ පරිසරය අරක්ෂ කිරීම පමණක් නොව සංචාරකයන් ගසා කන නැරඹීම ට අයකරන මුදල් වගේ දේවල් ගැන හිතනවා මිසක් මේ ඩොලර් 10-15 අඩු වුන පලියට ඒ රටට යන්න සුදානම් කොටසක් මේ රටවල් වල නැහැ අපේ ලංකාවේ සංචාරක මණ්ඩලයේ සහ ප්‍රවර්ධන මණ්ඩලයේ සිටින යට කිසිම දැනීමක් නැහැ පිටරැටියන් බලාපොරොතු වන්නේ කුමක්ද කියා වෙනස් කල හැකි අනවශ්‍ය නීති රීති ලංකාවේ ගොඩක් තිබෙනවා මේ ගැන මෙවැනි අදහස් දැක්වීමකින් කියා දෙන්න බහ.වසර 30ක් පමණ සංචාරක කර්මාන්තයේ සේවයේ යෙදී සිටින ම හට හොද අවබෝදයක් තිබුනත් ඉන් ප්‍රයෝජනයක් ගන්න ලංකාවේ කිසිවෙකුට උවමනාවක් නැහැ මේ නිසාම මා පදිංචි වී රැකියාව කරමින් සිටින්නේ පිටරටක .

:       0       1

Hafeel Tuesday, 02 July 2019 08:32 AM

එතකොට තෙල් මිල සූත්‍ර, මිල වැඩිකිරීම සේරම මේ රටේ බදු ගෙවන ජනතාවටද?

:       0       1

de silva Tuesday, 02 July 2019 08:37 PM

සංචාරක මණ්ඩලේ ගැන නම් කතාකරන්නවත් එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන අත්අඩංගුවට
2025 ජනවාරි මස 22 1507 0

හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ


හේමසිරි - පූජිතට එරෙහි නඩුව යළි කැඳවයි
2025 ජනවාරි මස 22 767 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම ඇතුලු චෝදනාවලින් නිදහස් වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ම


උපාලි පන්නිලගේ මන්ත්‍රිධූරයට එරෙහි පෙත්සමට දින දෙයි
2025 ජනවාරි මස 22 989 0

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රීධූරය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම පෙබරවාරි 19 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණ


ලක්ෂ 20ක දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 22 213 0

විදේශීය දුම්වැටි පහලොස් දහකට වැඩි ප්‍රමාණයක් ලක්ෂ 20කට ආසන්න මුදලකට අලෙවි කිරීම සඳහා කටයුතු කරමින් සිටිය දී පාලවිය ගුවන් හමුදා කදවුරු බුද්ධී නිළධාරින


ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
2025 ජනවාරි මස 22 314 1

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහ


හර්ෂ ඉලුක්පිටිය ගැන නිතිපතිගේ මතය දැනුම්දෙයි
2025 ජනවාරි මස 22 111 0

ගුවන්තොටුපොල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ සේවාව විදේශ සමාගම් දෙකකට දීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිර


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 475 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 627 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 347 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site