IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘ ලංකාවට අවශ්‍යනම් සහය දීමට සූදානම්‘- පොදු රාජ්‍ය මණ්ඩලය


 
(හර්ෂණ තුෂාර සිල්වා)
 
ශ්‍රී ලංකා රජය සහ එරට ජනතාවට අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවකදී සහාය දීමට සූදානම් යැයි පොදු රාජ්‍ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
 
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඞ් වෙනුවෙන් ඇයගේ ප්‍රකාශක විසින් එම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
 
පොදු රාජ්‍ය මණ්ඩලය සහ මහලේකම්වරිය ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.
 
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
 
“ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කළ බව දැනගන්නට ලැබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තු කාර්යභාරයේ වැදගත්කම මෙහිදි අවධාරණය කළ යුතුය. එම නිසා පාර්ලිමේන්තුව රැස්වී වත්මන් අර්බුදය කඩිනමින් විසඳාගනු ඇතැයි පොදු රාජ්‍ය මණ්ඩලය බලාපොරොත්තු වෙනවා. 
 
පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ සාමාජික රටවල් 2012 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රඥප්තියක් අනුමත කළා. එහිදි රාජ්‍ය, ආණ්ඩු, දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජයේ වගකීම විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය සහ පිළිවෙත් පවත්වාගෙන යෑමටත් ප්‍රවර්ධනය කිරීමටත් සියලු පාර්ශව බැඳි සිටින බව සිහිපත් කළ යුතුයි. 
 
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යන බව සුරක්ෂිත කිරීමට සහ පලදායී සහ අර්ථවත් සංවාදයක් පවත්වාගෙන යන්නැයි පොදු රාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සහ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. 
 
ජාත්‍යන්තර පාර්ශවකරුවන් හා එක්ව ශ්‍රී ලංකා රජයට සහ එරට ජනතාවට ඔවුන් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී අවශ්‍ය සහයෝගය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලය සූදානම් බවද සඳහන් කළ යුතුයි”.
 
ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ සාමාජික රටකි. මේ අතර ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා යැයි එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් පසුගිය සතියේදී පැවැසීය. 



අදහස් (3)

‘ ලංකාවට අවශ්‍යනම් සහය දීමට සූදානම්‘- පොදු රාජ්‍ය මණ්ඩලය

kamal Tuesday, 06 November 2018 01:08 PM

පොදුරාජ්‍ය මණ්ඩලයට වහා හැකි ඉක්මනින් මැදිහත් වෙන්න මේ අපේ ඇරයුම් .

:       268       458

lalith Tuesday, 06 November 2018 01:18 PM

ඔය කියන සහය පහුගිය අවුරුදු තුනේ දුන්නා නම් මෙව්වා මෙහෙම වෙන්නේ නැහැනේ.

:       7       230

Bamunuarachchi Thursday, 08 November 2018 02:02 AM

අපි අවුරුදු 30 යුද්ධ කරනකොට ඔය කියන පොදුරාජ්‍ය මණ්ඩලය කොහෙද හිටියේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 574 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site