IMG-LOGO

ලංකාවට අතපෙවීම් එපා යැයි චීන තානාපතිට ලියයි

 

බිඟුන් මේනක ගමගේ 
 
මාවෝ සේතුංගේ කීර්තිනාමය හා සමාජවාදයේ ගෞරවය අකා මකා දමමින් දූෂිත දේශපාලකයන් බලයට ගෙන ඒමට චීන රජය කැස කවන්නේ යැයි චෝදනා කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා මෙරට චීන තනාපති යි ෂියෑංලියෑන් මහතාට දැඩි විවේචනාත්මක ලිපියක් යොමු කර ඇත.
 
ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය චීනයට සමීප නොවුණ ද සමාජවාදය යන වචනය සමීප නොවන්නේදැයි ප්‍රශ්න කරන හෙතෙම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ලංකාවට ඇති යැයි තම ලිපියෙන් අවධාරණය කරයි.
 
ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රශ්න ශ්‍රී ලංකාවට විසඳාගැනීමට ඉඩ දෙන්නැයි ද දේශපාලන ගනුදෙනු සඳහා මුදල් අනවශ්‍යය යැයි ද මහාචාර්යවරයා ලිපියේ සඳහන් කර ඇත.
 
අධික පොලියට චීනයෙන් ලබාගත් ණය ගෙවීමට දායක වන්නෙකු හැටියටත් ජාතික ආර්ථිකයට දායක වන්නෙකු හැටියටත් මෙම කරුණු දැක්වීම හා දන්වා සිටීම කරන්නේ යැයි ද මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා තම ලිපිය මගින් වැඩිදුරටත් තානාපතිවරයාට පවසා ඇත.
 



අදහස් (14)

ලංකාවට අතපෙවීම් එපා යැයි චීන තානාපතිට ලියයි

RAJ Friday, 09 November 2018 06:30 AM

ඉතිං ඔය ටිකම අර යුරෝපා සංගමයටයි ඔස්ට්‍රේලියාවට කියන්නැත්තෙ ඇයි. ඒවා හොඳද..?

:       3126       2519

ලියනවිල Friday, 09 November 2018 06:32 AM

ගොඩක් ශ්‍රී ලාංකිකයෝ හිතාන ඉන්නේ විදෙස් මැදිහත්වීම් කීවම බටහිර රටවල් විතරයි කියලා. මහාචාර්‍යවරයා කාලෝචිත රටට අවශ්‍ය දෙයක් කරලා තියෙන්නේ. පක්ශ පාට බේදයකින් තොරව අපි චීනය නමැති ණය උගුල්කරු ගැන අවබොධයෙන් ඉන්න ඕනේ.

:       1100       1375

Himinamak Friday, 09 November 2018 06:41 AM

මේ උගත් මහත්වරුන්ට අමෙරිකාව, යුරෝපය අපේ රටේ දේශපාලනයට අතදාන එක පේන්නෙ නැද්ද?

:       1379       1238

චී නය Friday, 09 November 2018 06:45 AM

චීන ණය උගුලට යට වී හමාරය.

:       479       507

මුණසිංහ Friday, 09 November 2018 06:46 AM

වැරදීමක් ඕක යවන්න ඕන අැමරිකාවටයි, එංගලන්තයටයි, යුරෝපෙටයි.

:       922       830

dasun Friday, 09 November 2018 06:47 AM

රාජ් හරියට හරි.

:       241       427

රවින් Friday, 09 November 2018 06:55 AM

ඇයි මේ අනිකුත් රාජ්‍යයන්ට කියන්නේ අපේ රටේ වැඩවලට ඇඟිලි ගහන්න එපා කියලා. ඉස්සෙල්ලම අපි අපේ වැඩ හරියට කරගමු. ඊට පස්සේ කියමු නුඹලා නුඹලාගේ වැඩක් බලා ගන්න කියලා. පිටරැටියෝ අපේ රටවල දේවලට අතපොවන්නේ ඔවුන්ගේ ආයෝජන (මුල්‍යමය හා ආරක්ෂණ) ආරක්ෂා කරගන්න. නැතිව අපිට ආදරේට නොවේ. මේ කාරණය හැමට පොදුයි. සතා සිවුපාවා කියා වෙනසක් නැහැ.

:       0       0

nishan Friday, 09 November 2018 07:53 AM

ඒ රටවල් අපිට ගිනි පොලියට ණය දීලා නැහැනේ...

:       0       0

Bamunuarachchi Friday, 09 November 2018 07:53 AM

ඇයි හලෝ චීනෙට විතරක් කියන්නේ... කියන්නකෝ ඇමරිකාවට, එංගලන්තයට, යුරෝපා සංගමයට. මොකද බයද කියන්න..?

:       0       0

Amara Friday, 09 November 2018 07:56 AM

රාජ් චීනෙට කඩේ යන්නැතුව ඔහෙට පුළුවන්නේ අනික් රටවලට ලියන්න. එතකොට දෙපැත්තම හරිනේ...

:       0       0

සෙනෙවි Friday, 09 November 2018 11:04 AM

මොලේ මංඤ්ඥං වෙලාද කොහෙද?

:       51       6

tommy Friday, 09 November 2018 11:06 AM

මා සිතන්නේ නැහැ හොඳ සිහියෙන් සිටින එකම රටකවත් ලංකාව වැනි රටක කටයුතු වලට අත දමයි කියා. මේ රටවල් වලට ලංකාවට අත පොවා උදුරා ගන්නට ඇත්තේ අපේ නය කන්දද, කඩ හැලෙන කුණු කඳුද, අපේ දුප්පත්කමද, එසේත් නැති නම් ඔය පාරවල් දිගේ ඇවිදිමින් විරෝධය පාන නඩේද? ඔය කිසිම රටක් ලංකාවට බලෙන් නය දුන්නේ නැහැ. නය ගත්තේ වගකීමකින් තොරව කටයුතු කළ අපේම දේශපාලකයින්මයි. බොහෝදෙනා මේ කරුණු පිලිගත්තේ නැතත්, ඕක තමයි තිත්ත ඇත්ත.

:       1       80

rocky Friday, 09 November 2018 11:07 AM

චීනා මීට පෙර මේ රටට කඩා වැදී අපේ රජ කෙනෙකුව හිරබාරයට ගෙන චීනෙට අරන් ගිය බව හුඟක් අය දන්නේ නැතුව ඇති. චීනා ඊට පස්සේ ඌට ඕන කෙනෙක්ව අපේ රජු හැටියට පත් කෙරුවා. දීර්ඝ කාලයක් තිස්සේ උන් අපෙන් කප්පම් ගත්තා. වීර අලකෙස්වර රජුට (අලගක්කෝනාරට) 1409 සිට මොකද වුනේ කියලා ඉතිහාසය පෙරලලා බලන්න! කවදාවත් චීනාව විශ්වාස කරන්න එපා.

:       1       216

lalindra Friday, 09 November 2018 04:34 PM

ඔය උඩ අදහස් දාලා තියන මහත්තුරු හොද අධ්‍යනයක් කරලා බලන්න චීන ණය කොන්දේසි සමග බටහිර රටවල ණය කොන්දේසි එක්ක. ඔයාලට මේ වගේ අදහස් දාන්න පුළුවන් අයිතිය ලැබුනෙත් බටහිර රටවල බලපෑම නිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1788 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site