(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (6) වරෙන්තු නිකුත් කළේය.
මෙම නඩුවේ 10 වැනි සැකකරු වන බුද්ධික සරත්චන්ද්‍ර යන අයට වරෙන්තු නිකුත් කිරිම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කෙරිණි.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් නඩු කටයුතු පවත්වාගෙන යාමට කරුණු ඉදිරිපත් වන බවට තීරණය කරමින් වරෙන්තු නිකුත් කරනු ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ හොඳම මුදල් ඇමතිට ලෙඩ දුක් නොවේවා සහ රෝහල් ගත නොවේවා. හොඳ සිහිය සහ මතකය ලැබේවා...!!!
දැන් අර අමතක වූ දේවල් මතක්කර ගන්න.
මේක මහා දේශපාලන පළිගැනීමක්. මම වගේ කෙනෙක් ඇතුලේ ඉන්න තිබුණේ දශකයකට දෙකකට කලින්.. අැයි දැන් ඇතුළට දාන්නේ?
පහුගිය අවුරුදු 5ටම ගෝඨාභයට වරෙන්තුවක් නිකුත් කරගන්න එකෙක්ට වත් බැරි වුණා. අනිත් එක මහබැංකු වංචාව 2003 ඉඳලා තිබුණා කියනවා... ඒවා හොයන්නත් එකෙක් නෑ. බොරු සංදර්ශන විතරයි. නීතියත් බලයේ ඉන්නකොට නෑ. බලය නැති වුණාම තියෙනවා. අර ගෝඨාගේ නඩු අහන්න බෑ කියපු අයමද දන්නේ නෑ මේවා අහන්න එන්නෙත්...
පෙර ඡන්ද ප්‍රතිඵල නිකුත්වේ...
දැන් පුද්ගලික රෝහල් ළඟ මුර කරපල්ලා...
මේ තාලයේ කොටස් කීයද දාන්නේ...?
මහබැංකු හොරු අත්අඩංගුවට ගන්නේ ඡන්දෙ ළඟට ආවම මතක වගේම ඉවර වුණාම අමතක වෙන එකනේ ආශ්චර්යය. අනිත් බැංකු හොරු ගන්න තව 5ක් ඉන්න වේවි නේද?
මොන දේශපාලකයාද හිරේ ගිහින් තියෙන්නේ පසුගිය අවුරුදු 72 කටම...? මේ ඡන්දයක් ළංවෙනකොට මිනිස්සුන්ව ගොනාට අන්දන ඩ්‍රාමා තමයි මේ..!! කෝටිදහස් ගණනකට එයාලන්කා එකේ වංචනිකයින්ට අධිකරණයෙන් ගෙදර යන්ට අවස්ථාව දීමම මේ රටේ නීතිය කොහෙද තියෙන්නේ කියලා පේනවා.. මේ ඔක්කොම දේශපාලුවන්ගේ අතකොලු...!!
ඉතින් තවත් බලාගෙන ඉන්නේ ඇයි? අල්ලලා කූඩුවට දානවා මිසක්...