(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ හත්වැනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා පළමු අදියර ඉදිරිකිරීම් හෙට (07) ආරම්භ වේ. මෙම පළමු අදියර ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 5470 ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ.
ශ්‍රී ලංකාවේ හත්වැනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා ඉදිකිරීමට නියමිතය. අදියර තුනකින් ඉදිකිරීමට නියමිත රුවන්පුර අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර 73.9 කි.
එම මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකිරීමට යෝජිතය. එහි පළමු අදියර යටතේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24.3 ක දුරක් සම්පූර්ණ කිරීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රුවන්පුර අධිවේගයේ වැඩ හෙට සිට
Upandra Thursday, 06 May 2021 04:25 PM
අවතැන්වූවන්ට සාධාරන වන්දියක් ගෙවන්න.
Jayathilaka Thursday, 06 May 2021 06:07 PM
හොඳ වැඩක් ඉක්මනින් අවසන් කරන්න...
hira Friday, 07 May 2021 03:32 AM
පාරෙන් ගසා කන්නේ නැතිව නියමිත කාලයට නියමිත තත්වයනේ නිමා කළොත් නියමයි