IMG-LOGO

රිය අනතුරකින් 5ක් මරුට - 12කට තුවාල

(නිමල් ජයරත්න)
 
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ  වැලිකන්ද සෙවණපිටිය ප්‍රදේශයේදී අද(19) අලුයම අත්ට්‍රැක්ටරයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පස්දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
 
මෙලෙස මියගොස් ඇත්තේ බෝඅත්ත ගම්මානයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු හා කාන්තාවන් සිව් දෙනෙකු වේ.

මියගිය කාන්තාවන්  සිව් ‍දෙනා වයස අවුරුදු  30, 35, 55  හා 60 යන වියේ පසුවන්නියෝ වෙති.

දිඹුලාගම මිහිදු පෙරහර බැලීමට ගොස් නැවත එමින් සිටියදී ට්‍රැක්ටරයේ ගමන් ගත් පිරිස මෙම අනතුරට ලක්ව ඇත. වෑන් රථය කොළඹ සිට කාන්තන්තුඩිය දක්වා ගමන් කරමින් තිබිණි.
 
අනතුර සිදුවන අවස්ථාවේ  වෑන් රථය ට්‍රැක්ටරයේ පිටුපස ගැටී ඇති බවත්, එය මීටර් 100ක පමණ දුරක් ඇදී ගොස් වෙළදසැලකට කඩාවැදී ඇති බවත් පොලිසිය කියයි.
 
වෑන් රථ රියදුරු වැලිකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අධික වේගය සහ රියදුරුගේ නොසැළකිලිමත්කම අනතුරට හේතු වූ බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (2)

රිය අනතුරකින් 5ක් මරුට - 12කට තුවාල

jayath Wednesday, 19 June 2019 02:20 AM

මේ අත් ට්‍රැක්ටර් වල නැගල වෙසක්, පොසොන් ,පෙරහැර වල්, නරඹන්නට යන එක අපේ සංස්කෘතියේම කොටසක් වෙලා කියල මට හිතෙනවා බොහොමයක් නගරයෙන් එපිට තැන වල ( සමහර විටෙක මේ කොළඹත් ) මේක දකිනවා මේ මිනිස්සු අහිංසක මිනිස්සු , යාන වාහන නැති හින්දයි මෙහෙම යන්නේ නමුත් එක දෙයක් තියනවා රාත්‍රී කාලයට මේ වයේ අඩු "එලිය " හින්ද මේවා අනිත් වාහන වලට පෙන්නේ නැහැ විශ්ෂයෙන් ම ට්‍රේලරය .

:       0       24

sarath Wednesday, 19 June 2019 02:28 AM

අත්ට්‍රැක්ටරයේ පිටිපස (taillight ) නැතිවීම තමයි මුලිකම හේතුව ,ලඟට එනකම්ම අත්ට්‍රැක්ටරය පෙනෙන්න නැතිවීම තමයි විනාශයට හේතුව. තනිකරම වැරැද්ද අත්ට්‍රැක්ටර්කරුගේ .

:       1       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 138 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site