IMG-LOGO

රයිෆල් - කඩු සමඟ 5 ක් අත්අඩංගුවට

ඉන්දිකා රාමනායක

 

ගුවන් හමුදාව ගත වු පැය 24 පුරා   සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින්  රයිෆල්  ගිනි අවියක්, කඩු 6 ක්,  කිනිසි 4 ක්,  වායු රයිෆලයක් සහ උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන් හමුදාව කියයි.

ඒකල, සහ රද්දොළුගම,  යන ප‍්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී නිවාස තුනකින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව  ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප්  කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතා පැවසීය.

ඒකල  ෆිනෑන්ස් පාර්ක් නිවසක්  පරික්ෂා කිරීමේ දී ජංගම දුරකතන 5 ක්,  වායු රයිෆලයක්,   කඩුවක්,  කිනිසි 2 ක්,  හිස් පතරොම්  10 ක්,    භාවිතා කළ පතරොම් තුනක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය.

රද්දොළුගම නිවාස යෝජනා ක‍්‍රමයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී කඩු 6ක්,  රයිෆප් 1 ක්, උණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ගත් බව ගුවන් හමුදාව  මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මේ අතර  ඒකළ  කෲස්වත්ත ප‍්‍රදේශයේ සෝදිසි කළ සෙසු නිවසේ දී  පාස්කු දින පිපිරුම් සිද්ධීන් හා අන්තවාදී සංවිධානයක් විසින් පුද්ගලයන්ගේ ගෙල සිදින අයුරු දැක්වෙන  වීඩියෝ දර්ශන ජංගම දුරකතන සමඟ  පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර කාන්තාවක් ද සිටින බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

 



අදහස් (1)

රයිෆල් - කඩු සමඟ 5 ක් අත්අඩංගුවට

Nimantha Monday, 29 April 2019 11:22 PM

අපේ රේගුවේ මහත්තුරු කඩු දැකලා නැ වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site