(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)
දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් සමග ඩුබායි හීදී අත්අඩංගුවට ගත් රයන් වැන්රොයන් ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (5) නියෝග කළේය.
ඔහුට අයත් බව කියන මෝටර් රථය තුළ තිබී කේරල ගංජා මිලි ග්‍රෑම් 5750 ක් හමුවීමේ නඩුවට ඒ මහතා අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
එම මෝටර් රථය ඩුබායිහීදී අත්අඩංගුවට පත් අමිල ප්‍රසංග හෙට්ටිගේ නොහොත් සන්ෂයින් සුද්දා යන අයට අයත් මිරිස්සේ හෝටලයක දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන තිබිණි.
ඒ අනුව මෝටර් රථය දැඩි ලෙස පරික්ෂාවට ලක් කළ අවස්ථාවේ එහි ඩිකියේ රහසිගත ලෙස සඟවා තිබියදී එම කේරල ගංජා හමුවූ බව පොලීසිය අධිකරණය වෙත කරුණු වාර්තා කෙරිණි.
ඒ පිළිබදව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට පත් කරන ලෙස පොලීසිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරුවෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් රත්නායක මහතා තම සේවා දායකයා විදෙස් ගතවීමෙන් පසු මෙවැනි චෝදනාවක් එල්ල වී ඇති බවත් ඔහුට ඇප ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.
අදාළ මෝටර් රථය ලියාපදිංචි කර තිබුණේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට බව පොලීසිය සඳහන් කරයි.



2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රයන් වැන්රොයන් රිමාන්ඩ්
sirimal Friday, 05 April 2019 10:15 AM
"වෙරි බෑඩ් කියන්න සෑඩ් " කියපුවා මතක් වෙනවා ඇති.
thilak Friday, 05 April 2019 11:04 AM
මේ අය වේදිකාවල හැසිරෙන ආකාරය දැක්කම, මොනවා හරි පාවිච්චි කරන බව නම් කාටත් හැඟෙනවා.
chathuri Friday, 05 April 2019 11:12 AM
තම සේවාදායකයින්ට කඩේ යන්න පටන් අරගෙන වගේ. ඔය පාතාලේ නීතියට, සාධාරණයට වැඩකරන කෙනෙක්. හොයාගන්න බැරිවෙයිද? මේ නීතියට ගරු කරන්නේ නැතිව මිනීමරුවන්ට කුඩුකාරයින්ට ඇප ඉල්ලන අයට පාඩමක් උගන්වන්න පාතාලේ ඉන්නවා... සාධාරණය, ගරුකරන කට්ටිය, මේ රට කන්නේ...
malaka silva Friday, 05 April 2019 11:27 AM
මේ මහා කාලකන්නි තිරිසන් මාරයින්ට නිසි දඬුවම් ලබාදීම සමාජය බේරා ගැනීමට ඇති එකම මගයි. මොවුන් නළුවන් නොව එලෙස වෙස්වලා මහා අපරාධ කරනා සමාජ පිළිල...
පිටිගල මිලානෝ Friday, 05 April 2019 11:34 AM
නළු නිළියන් සහ ගායක ගායිකාවන් යන රථ දැඩි පරීක්ෂාවට ලක් කරන්න. මේ අයව කුඩු ප්‍රවාහනයට යොදවාගත හැකියි.
ජනිත් Sunday, 07 April 2019 05:40 AM
අපරාධකරුවන්ව බේරන්න හදන නීතිඥයන්ගේ ගෙවල්වලට ජනතාව ගල් ගැසිය යුතුයි.