(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහනුවර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (3) කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
පැමිණිලිකාර ව්‍යාපාරිකයා අකුරණ ප්‍රදේශයේ ලී මෝලක් පවත්වාගෙන යන අතර එහි සේවකයන්ට අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධව නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා සැකකාර කම්කරු නිලධාරිවරයා රුපියල් 30,000 ක මුදලක් ඉල්ලා තිබූ බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරිය කීය.
ව්‍යාපාරිකයා විසින් එම මුදල කම්කරු නිලධාරියා සමග කතා කර ඔහු ඉල්ලන වලට මුදල රුපියල් රු.15000 දක්වා අඩු කරගෙන තිබූ අතර සැකකරු එම මුදලින් රුපියල් 5000 ක් අත්තිකාරම් වශයෙන් ලබාගෙන ඉතිරි රුපියල් 10,000 ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරිය වැඩිදුරටත් පැවසුවාය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රුපියල් 10,000 ක අල්ලස් ගත් කම්කරු නිලධාරිවරයෙක් අත්අඩංගුවට
Puppa Thursday, 04 March 2021 12:28 PM
අහරේ ටොන් ගණන් ගිලපු අය සැප ගන්නවා. මේ රටේ කරුමේ තමයි.
ranjith Thursday, 04 March 2021 01:35 PM
අනේ පව්, මහ බැංකුවේ හොරුන්ට කිසිම ගැටලුවක් නෑ.. බැරි එකාට තමයි ඔක්කොම..
BamunuarachchiSaturday, 06 March 2021 03:17 AM
බැංකුවේ සිදු වුනේ වංචාවක්ද? හොරකමක්ද?