( හර්ෂණ තුෂාර සිල්වා)
දේශපාලන අර්බුදය මධ්‍යයේ රුපියලේ අගය තවදුරටත් පහළ හෙළමින් ඩොලරයේ අගය රුපියල් 177.62 ක් දක්වා අද (14) ඉහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයකට ගෙවන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය 177.62ක් වූ අතර ගැනුම් මිල 173.72ක් විය.
ශ්රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 9 වැනිදා දක්වා කාලයේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 12.7කින් අවප්‍රමාණය වී තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන රෙෆිනිටිව් ඉකෝන් දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 14.4කින් අවප්‍රමාණය වී ඇත.
වත්මන් දේශපාලන අර්බුදය නිසා ඇති වී තිබෙන දේශපාලන අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමක් ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වාදෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර බන්දුල?
බන්දුලට කරන්න පුළුවන් දෙයක් නැහැ... බලා ඉන්නවා ඇරෙන්න. අනික වලංගු නැති හොර ආණ්ඩුවේ හොර ඇමැතිලා...
225ම බලපොරයක, රුපියල අවප්‍රමාණය වීම ඔවුන්ට අදාල නැත.