IMG-LOGO

රුපියල තවත් පහළට

හර්ෂණ තුෂාර සිල්වා

 

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (5) නැවත වරක් අවප්‍රමාණය  විය.

 

මේ අනුව පසුගිය සිකුරාදා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 175.82ක් ලෙස දැක්වුණු ශ්‍රී ලංකා රුපියල අද (5) 176.05ක් දක්වා අවප්‍රමාණය විය. 

 

ශ්‍රී ලංකා මහ බැංකුව අද (5) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.05ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 172.16ක් ලෙසත් දැක්විණි. 

 

ඉතිහාසයේ පළමු වරට පසුගිය සතියේ (1) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 177 සීමාව ඉක්මවා ගියේය.  ශ්‍රී ලංකා රුපියල එතරම් පහළ අගයට වැටුණු පළමු අවස්ථාව එය විය.

 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 12.4කින් අවප්‍රමාණය වී ඇත.  

 

 



අදහස් (15)

රුපියල තවත් පහළට

sumith Monday, 05 November 2018 10:11 AM

මොකද අර සුළගක් ඇවිත් ශක්තිමත් වුණු එකට හිටිහැටියේම වුණේ..

:       1204       1335

weerakoonMonday, 05 November 2018 01:37 PM

ගම්මන්පිල උඩ ගියා වැඩියි.. එ් නිසා රුපියල නැවතත් පහළට ආවා...

:       3       170

dias Monday, 05 November 2018 10:13 AM

කෝ මේ බන්දුල ගුනවර්ධන මහත්තයා? ඇයි දැන් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ නැත්තේ?

:       1357       2346

tommyMonday, 05 November 2018 12:32 PM

මේකට හෝ ගාලා ඩිස්ලයික් දාන්නේ බන්දුල ගුණවර්ධන වෙන්ට ඇති.

:       114       614

Pablo Monday, 05 November 2018 10:14 AM

මේක පහළ යන එක නවතන්න කවුරු ආවත් බැරි වෙන පාටයි..

:       1044       1294

Amila Monday, 05 November 2018 10:28 AM

කෝ මේ අචාර්ය බන්දුල! කයිවාරු විතරයි වැඩ බෑ. ඉස්සර යූ එන් පී ඉන්නකොට කෙස් පැලෙන තර්ක ගෙනාවේ. පස්සේ මහින්ද අාර්ථිකේ කරන්න කියලා දුන්නාම, ඔක්කොම විනාශ කළා. අදත් ඉතින් ඔච්චර තමයි !

:       163       952

දිමුත් Monday, 05 November 2018 10:31 AM

"ජන මහිමය"

:       24       266

d.upul Monday, 05 November 2018 12:01 PM

සහනාධාර මත යැපෙන ජනතාව තව තවත් වැඩිවේවා!!!

:       1       130

Nirmal Monday, 05 November 2018 12:32 PM

ලංකාවට මොනවා වෙයිද දන්නෙ නෑ..?

:       1       111

sandy123Monday, 05 November 2018 01:07 PM

මොනවා වෙන්නද ලංකාව "මේඩ් ඉන් චයිනා" වෙනවා.

:       28       353

athuraTuesday, 06 November 2018 05:01 AM

සහතික ඇත්ත.දැනටමත් බාගෙට එහෙම වෙලා.

:       0       55

lalith Monday, 05 November 2018 10:41 PM

දැන් අර කවුද කිව්වා නේද රුපියල ඉහලටම නගිනවා, හැමෝටම ඩොලර් අරන් එන්න කියලා. කෝ ඒ කියපු කෙනා?

:       0       22

sudelmi Tuesday, 06 November 2018 12:35 AM

මට අහන්න තියෙන්නේ දැන් සැපද ?

:       0       60

vipula Tuesday, 06 November 2018 05:31 AM

රුපියල ශක්තිමත් වෙන්න, රටේ විදේශ අදායම් වැඩි වෙන්න ඕන, කෝ 80 දශකයෙන් පස්සේ මොන නායකයාද ආදායම් ලැබෙන ආයෝජනයක් රටේ කරේ, මොන විවේචන තිබුනත් ප්‍රේමදාස රටේ ආර්ථිකයට හදුන්වාදුන් ඇඟලුම් කර්මාන්තය නොතිබෙන්න, රටේ තත්වය බලාගන්න තිබුනා, ඒ වගේම හොඳ ආර්ථික ප්‍රතිපතියක් තියන මනුස්සයෙක් පේනතෙක් මානයකවත් නෑ. ඔක්කොම කරන්නේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න පුළුවන් දේවල් විතරයි.

:       0       227

sandy123Tuesday, 06 November 2018 06:50 AM

සෑහෙන ඇත්ත. ප්‍රේමදාස මහත්තයා ගැන අපිටත් විවේචන තිබුණා. නමුත් එතුමා කරපු හොද දේවල් තාමත් අපිට මතකයි නරක දේ වගේම. ඇඟලුම් කර්මාන්තය සහ නිවාස දස ලක්ෂය ඊට කදිම උදාහරණ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 70 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 628 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site