IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා නොකලොත් ලබන වසරේ මැද වන විට රටේ බඩගින්න මෙන්ම විරැකියාව වැඩිවීම වළක්වා ගන්නට නොහැකි වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (14) පැවසීය.

මූල්‍ය අරමුදලෙන් පිනට ලැබුණ ඩොලර් කෝටි 80 ක මුදල අර්බුදයෙන් මිදීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව කී වික්‍රමසිංහ මහතා මහ බැංකුව සහ භාණ්ඩාගාරය ක්‍රියා කළ යුත්තේ පාර්ලිමේන්තුවට යටත්ව හෙයින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට තමා ක්‍රියා කරන බවද සඳහන් කළේය.

වර්තමානයේ පැන නැගී ඇති විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීය .

 



අදහස් (11)

රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

Chris Wednesday, 14 July 2021 01:53 PM

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන බවද සඳහන්..., මහ බැංකුව, වාණිජ බැංකුවලට සහ මූල්‍ය ආයතනවලට විදේශ ණය ලබා ගැනීමේ බලය පවරා ඇතැයි ද සඳහන්...

:       5       151

ගලපර Wednesday, 14 July 2021 01:56 PM

මේ රනිල්ගේ විශේෂ ප්‍රකාශය IMF එක සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා කීප අවස්ථාවකම පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට හොඳට පැහැදිලි කරලා කිව්වා... ඕක දැන් මේ රනිල් අලුතෙන් කියන්න දෙයක් නෙමෙයි. පින් බෝනස් ආසනයෙන් පාර්ලිමේන්තු ඇවිත් නිකම් පච වෙන්න එපා...

:       1707       2033

samantha Wednesday, 14 July 2021 02:23 PM

මොලයක් නෙවී මොල ගෙනාපු නැවක් මහා බැංකුවට කෙලියේ නැතිනම් අද ඔහුත් වැදගත්

:       866       109

කිරිපුතා Wednesday, 14 July 2021 02:29 PM

පුදුම දැණුමක් තියෙන්නෙ හැබෑවටම. පාලනයෙ ඉද්දි මේ දැණුම පාවිච්චි කරලා රට ගොඩම දාන්න තිබුනනෙ

:       766       73

Dharmatileke Wednesday, 14 July 2021 02:37 PM

ආණ්ඩුවේ මන්ත්‍රීවරු IMF කියන්නේ...! ඒක දැනගත්තේ රනිල් ආවට පස්සේ...

:       76       534

Prase Wednesday, 14 July 2021 02:37 PM

මෙයාට බ්‍රිලියන්ට් අදහස් තියෙනවා. අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ ඉඳලා රටම ණය කරලා දැම්මා. දැන් අදහස් දෙනවා රට ගොඩ ගන්න. බඩ පැලෙන්න හිනා යනවා.

:       981       408

ගමේ එකාලා Wednesday, 14 July 2021 03:29 PM

අවුලක් වෙන එකක් නැහැ. දූරදර්ශී බැහැ... කරළියට ඇවිත් ඉන්නේ. මුදල් ඇමැතිනේ... කලින් වගේ ආර්ථිකය සංවර්ධනය කරයි. රටට කෙසේවෙතත් පවුල් පාලනේ හත්මුතු පරම්පරාවම ගොඩදා ගනී...

:       0       174

andima Wednesday, 14 July 2021 04:18 PM

කමිටුවක් දාමු.. කමිටුවක් දාමු... ඒ කාලේ වගේ... එතකොට සේරම හරියනවා...!!! 

:       739       190

කොරාළගේ Wednesday, 14 July 2021 06:40 PM

ඇත්තම තමයි... රනිල් එජාපයට කමිටු කීයක් නම් දැම්මාද...? එ්ත් කපටි කමෙන් නායකත්වය සජිත්ට නොදී UNPය පොළවට සමතලා කළා. දැන් පාර්ලිමේන්තුවට රින්ගලා මේ කරන නාඩගම් වටේ ඉන්න ගොන්රැලට නම් හොඳයි... එ්ත් එජාපයටත් රටටත් සත 5ක වැඩක් නැහැ.

:       0       207

chandima Wednesday, 14 July 2021 04:20 PM

විවාද තියෙන්නේ වැඩේ දන්නේ නැති කෙනා... අනුන්ගේ අදහස් ටික එකතු කරගන්න... !

:       816       9

ලීල් Wednesday, 14 July 2021 04:37 PM

SBJ එකයි JVP එකයි මෙයා විවාධය ඉල්ලන දාට පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැලකි සිටිය යුතුයි.

:       1113       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 525 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site