IMG-LOGO

රන්ජන් ජාතික රෝහලට

(නිමන්ති රණසිංහ සහ යොහාන් භාසුර )

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇතිවූ දණහිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා අද (11) කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.

ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනයට ඉදිරිපත් කළ ඒ මහතා, වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු නැවත කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

එම වෛද්‍ය සානයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා නැවතත් රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කරන ලෙසට එහි වෛද්‍යවරු සදහන් කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

ඒ හේතුවෙන් ඔහු කොළඹ  වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.

රන්ජන් රාමනායක මහතාට දණහිසේ ඇති වූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ඉකුත් ජුලි මස 10 වැනිදා සිට සතියකට ආසන්න කාලයක් ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය විසින් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගනු ලැබ තිබුණේ ඉකුත් ජුනි මස 26 වැනිදාය.

රන්ජන් රාමණායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම සිර දඩුවම නියම කෙරුණේ ඉකුත් ජුනි මස 12 වැනිදාය. පසුව, මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ රැඳවුම් මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායනය අවසන් කිරීමෙන් පසු ඒ මහතාව බන්ධනාගාරය අගුණකොළපැලැස්ස බන්ධානාගරය වෙත රැගෙන ගොස් තිබිණී.

 

 



අදහස් (11)

රන්ජන් ජාතික රෝහලට

අබිලින් Thursday, 11 November 2021 06:45 PM

මුගලන් හිමියන්ට සොරුන්ගෙන් පහර කෑමට සිදුවුණා වගේ මෙතුමාට පූර්ව ආත්මයක පවක් පලදෙන්න ඇති...

:       3       15

BamunuarachchiFriday, 12 November 2021 07:39 AM

මිනිස්සු කොපමණ විකෘති වෙලාද කියා පෙන්වන හොඳ කමෙන්ට් එකක්. මෙයාගේ බණ එයාගේ හඬින්ම අපි ඇසුවා... එතකොට ආවේ පිළිකුලක්.

:       5       1

වන්දිබට්ට ආරච්චි Friday, 12 November 2021 10:32 PM

රටම සූරාකමින් ධන කුවේරයන් වී සිටින අයතරම් රංජන් අපට පිළිකුල් නැත. හිරබත් කන්නට සිදුවී ඇත්තේ සත්‍යයක්ම කතා කළ නිසා බව සහතිකයි. ජාතිවාදි බණ දෙසන්නා පුදන්නත්, ඇත්ත කතා කිරීම පිළිකුල් කොට සළකන්නත් වන්දනාකරුවන්ද රටේ සිටිති.

:       1       6

කරුකුරු Friday, 12 November 2021 12:00 AM

ලෙඩ වුණාම ඔහොම තමයි. රන්ජන්ට කියලා විශේෂයක් නෑ..

:       1       3

lal Friday, 12 November 2021 06:17 AM

මේ ආත්මෙම පව් පලදීලා දැන් හොඳට භුක්ති විඳින්නේ හැමෝම...

:       2       2

Chinthaka Friday, 12 November 2021 09:19 AM

ඇත්තටම මේ මනුස්සයා පව්... චිත්‍රපටිවල එන වීර චරිතය සැබෑ ජීවිතයේ රඟ දක්වන්න ගියා. මෙයාගේ එම ගතිය කපටි දේශපාලන නායකයෝ එයාලට ඕන විදිහට පාවිච්චි කළා. එයා අද පාර්ලිමේන්තුවේ... මෙයා හිරේ...

:       0       3

ජන හඩ Friday, 12 November 2021 10:45 AM

මෙතුමා මිනීමරලා, හොරකම් කරලා තිබ්බා නම් මෙතරම් අමාරු නොවෙන්න තිබ්බා.

:       1       7

ආරියරත්ක ගමගේ Friday, 12 November 2021 04:22 PM

මා හට පුර්ව ආත්මයක පවකට වසර තුනක් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉන්න සිදුවුණා. ඹබත් සමග මාස3ක් සිටියා.. ඔබටත් පූර්ව ආත්මයක පවක් පලදී ඇත..

:       0       2

sharm warn Tuesday, 16 November 2021 11:44 AM

එක නීතියේ සභාපතිට නිදහස දුන්නේ කොහොමද එතකොට ? අධිකරණයට අපහාස කල චෝදනාව ලබපු කෙනෙක් නේද ?ඔන්න වල් කන්ට්‍රි වල් ලොව් එකට හොඳ උදාහරණයක්

:       0       1

Nuwa Tuesday, 16 November 2021 02:27 PM

ෂුවර් එකටම එක දණහිසයි නේද අමාරු... නැත්නම් තව හිතන්න වෙනවා මේ ගැන.. හිහ් හිහ් හී...

:       0       0

උදාර Monday, 22 November 2021 10:12 AM

රන්ජන් ගේ දනහිස ආබාදය අද ඊයේ ආපු එකක් නෙවෙයි මෙයා ඇමරිකාවේ න් පවා බෙහෙත් කරලා තියෙනවා ඒත් සම්පූර්ණ සුවවෙලා නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site