(මනෝප‍්‍රිය ගුණසේකර)
පාර්ලිමෙන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සහ ඇඹිලපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අතර සිදුවී ඇති දුරකථය සංවාදයන් 12 ක හා වීඩියෝ පටවල පිටපතක් නොපමාව ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (12) දැනුම් දුන්නේය.
රන්ජන් රාමනායක මහතා සහ ගිහාන් පිළපිටිය මහතා අතර දුරකථය සංවාදයන් 12 ක් සිදුවී ඇති බව දුරකථන විස්තර වාර්තා අනුව හෙළි වන බව වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට ලක් කරන නීතීපතිවරයා ඉදිරි නෛතික පියවර සඳහා ඔවුන් අතර සිදුවී ඇති දුරකථය සංවාදයන් හා වීඩියෝ පටවල පිටපතක් ලබාදීමට පියවර ගන්නා ලෙසද දැනුම් දී ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
නීතීපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ අත්සනින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇති මෙම ලිපියේ පිටපත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට හා රජයේ රස පරීක්‍ෂවරයාට ද යොමු කර ඇත.
පාර්ලිමෙන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා ඇඹිලපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සඳහා කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් අපේක්‍ෂාවෙන් ඉදිරිපත් කර ඇති උධෘතයන් පරීශීලනය කිරීමෙන් පසුව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත මෙම ලිපිය නිකුත් කර ඇත.
2015 ජනවාරී මස පළමුවැනිදාත් 2019 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේදී විනිසුරු ගිහාන් පිළපිටිය මහතා රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාදයන් 12ක් සිදුකර ඇති බව දුරකථන විස්තර වාර්තා අනුව අනාවරණය වන බව නීතීපතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.
විශ්ලේෂණ සඳහා ඉදිරිපත් කර ඇති දෘඩාකාංග මඟින් දුරකථන සංවාදයන් හා වීඩීයෝ පටවල පිටපත් ලබාගෙන නීතීමය පියවර සඳහා නොපමාව තමාට ලබාදීමට පියවර ගන්නා ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය මඟින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රන්ජන්, ගිහාන් පිළපිටිය සමඟ කළ හඬපටවල පිටපත් දෙන්නැයි නීතිපතිගෙන් නියෝග
Champa Wednesday, 12 February 2020 12:19 PM
මොනවා? දැන් නඩුව අහන්න යන්නේ නීතිපතිද? නීතිපතිට නඩු අහන්න බලය දුන්නේ කවුද? තමන්ගේ සීමාව දැනන් වැඩ කරන්න නීතිපතිතුමා. මම කතා කරන්නේ මේ නඩුව ගැන විතරක් නෙමෙයි. පුද්ගලයන් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න කියන්න නීතිපතිට බලයක් නැහැ. ඔහුට කරන්න පුළුවන් නඩු දාන එක විතරයි. අත් අඩංගුවට ගන්නවද නැත්ද කියන එක තීරණය කරන්නේ නඩු කාරයන්...
MaheeWednesday, 12 February 2020 06:17 PM
ඔබ සමග 100% ක් එකඟයි. හිස උදුම්මවා ගත් තවත් තවත් රජයේ සේවකයෙක්. අර විරෝධතා හඬ නගන නීතිඥවරුන් කියනවා වගේ අපිත් අහන්නේ, "නීතිපති පොලිස්පති වෙලාද"?
Amula Wednesday, 12 February 2020 05:10 PM
දන්නැති නිසා අහන්නේ මේ කොන්ඩෙ අවුල් වැඩ කරන්නේ කවුරු කියන විදිහටද?
Mahesh Thursday, 13 February 2020 02:32 AM
ඔබ නඩුකාරවරයාද? ඔබට නැති බලයක් ආරෝපණය කරගනිමින් රජයද අපහසුතාවයට පත්කරමින් සිටියි.
eresh S kumara Thursday, 13 February 2020 04:47 AM
ශාෆිගේ cctv දත්ත වගේ වෙයිද දන්නේ නෑ...