IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


රන්ජන්ගේ දුරකතන හඬපට වල පිටපත් හෙට පොලිසියට

(ඉන්දිකා රාමනායක)

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  සතුව තිබූ  ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත්  හඬපට ප්‍රමාණය විශ්ලේෂණ කිරීම සඳහා එම හඬපට වල පිටපත් හෙට (30) පොලිසිය වෙත ලබා දීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

මෙම හඬපට පිටපත් කිරීම සඳහා  සිංගප්පූරුවෙන් ආනයනය කළ නවීනතම උපාංග වලින් සමන්විත වැඩි ධාරිතාවයෙන් යුත් දෘඩ තැටි ඇතුලු උපාංග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙම හඬපට පිටපත් ලැබුණු පසු ඒවා විශ්ලේෂණය කිරීම සඳහා පත්කර ඇති විශේෂ පොලිස් කණ්ඩායම් ඒවා  විශ්ලේෂණය කිරීමට නියමිතව ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතාගේ  අධීක්ෂණය හා උපදෙස් මත මේ සඳහා සහකාර පොලිස්  අධිකාරීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත  විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක්  පත්කර ඇති බව පොලිසිය කියයි.

මෙම හඬපට විශ්ලේෂණය  කර  රන්ජන් රාමනායක මහතා අධිකරණයට , අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ  පරීක්ෂණවලට සිදුකර ඇති  බලපෑම්  සම්බන්ධයෙන්  අපරාධ නඩු විවිධාන සංග්‍රයට අනුකූලව වෙන් වෙන් වශයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර  ඔහුට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කරන බවද  පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

 

 

 

 

 

 

 



අදහස් (4)

රන්ජන්ගේ දුරකතන හඬපට වල පිටපත් හෙට පොලිසියට

Mahee Wednesday, 29 January 2020 03:36 PM

ඒ මොනවටද? දැන් ආණ්ඩුවේ නාලිකා දෙකයි, ඔය හඬපට රන්ජාගේ කියලා තීරණය කරලා බොහොම කල් නොවැ... දවස ගානේ පැය ගණන්, වරුගණන් ඒවා ප්‍රචාරය කලේ පරීක්ෂා කරලා හරියටම තහවුරු කරගෙන නෙමෙයිද...?

:       31       165

Chathuri Wednesday, 29 January 2020 11:14 PM

මේ හඬ පට ටික අහලා ඉවරවෙලා සුනිල් පෙරේරාට දෙන්න හොඳ සින්දුවක් ලියන්න ඔය උගත්, බුද්ධිමත් ප්‍රභූ කියන කට්ටියගේ පටිරෝල් වෙන්න චීනාගේ ලෙඩේට වැඩිය දරුණු පාටයි. හඬපට, බැඳුම්කර නඩුවටවත් මේ තරම් මුදලක් යට කෙරුවේ නැහැ. මේක ගොඩක් දරුණු විරුද්ධ පක්ෂයේ වැඩක් නිසා. අද පොහොට්ටුවේ හරි අතේ හරි. කෙනෙක් මේදේ කෙරුවා නම් කිසිම දෙයක් නොවුණු විදියට ලොක්කෝ ටික වැඩ කරයි. හඬපටි පැත්තකින් තියලා මුදලුයි කාලෙයි ඉතිරි කරගන්න පරදින ලකුණු පේනවා ඇතිනේ...

:       0       5

සිසිල් සුදේශ් Thursday, 30 January 2020 02:55 AM

එතකොට මෙච්චර කාලයක් කවුරු ළඟද තිබුනේ? කවුද ඒවා ප්‍රසිද්ධ කරන්න දූන්නේ..?

:       0       6

dare Thursday, 30 January 2020 04:17 AM

රන්ජන්ට විතරද නඩු. ඒවගේ සදහන් වන අනිත් අයගේ වැරදි හොයලා නඩු දාන්නේ නැද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 434 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site